ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
ඇය රුහුණු සංචාරක කාර්යාංශය සහ දකුණු පළාත් සභාව මගින් සංවිධානය කර තිබූ සංගීත ප්රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය සැක කරයි.
එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතෙකුද රියදුරු ගමන් කරමින් සිට ඇත .
අනතුර සිදුවනවාත් සමගම අසල්වාසීන් පැමිණ මහත් පරිශ්රමයක් දරා අනතුරට පත් වූ පිරිස මෝටර් රථයෙන් එළියට රැගෙන ත්රී රෝද රථ දෙකක් සහ කුඩා බට්ටා වර්ගය ලොරි රථයකින් දෙනියාය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.