‘ටයිම්ස් අප්’ ලෙස නම් කර ඇති ඔවුන් ගේ මෙම ව්‍යාපාරය පිළිබඳ දැන්වීමක් නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කර තිබේ.
විනෝදාස්වාදන ක්ෂේත්රයේ සිටින කාන්තාවන් විසින් වෙනත් සෑම ස්ථානයකම සිටින කාන්තාවන් හට සිදුකළ සාමූහික කැඳවීමක් බව ඔවුන් සඳහන් කරයි.
හොලිවුඩ් නිෂ්පාදක හාවි වේන්ස්ටයින් විසින් නිළියන් ගණනාවකට සිදුකළ ලිංගික හිංසන හෙළිදරව්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපාරය ආරම්භ වී තිබේ.
නැටලි පෝට්මන්, රීස් විදර්ස්පූන්, ඊවා ලොන්ගෝරියා හා එමා ස්ටෝන් ඇතුළු නිළියන් සියගණනක් විසින් මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ආධාර රැස්කිරීමේ ඉලක්කයෙන් ඩොලර් මිලියන 13කට වැඩි ප්‍රමාණයක් සපුරා ඇත.
කාර්යාලයේ දී හෝ වැඩබිමේදී ලිංගික හිංසනයන් ට ලක්ව ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මූල්‍ය සවියක් නොමැති ස්ත්‍රී පුරුෂ සියල්ලන් හටම මෙම ව්‍යාපාරය මගින් මූල්‍යාධාර ලබාදෙනු ඇත.