ඒ අතර ඇතැම් සිනමාශාලාවල තිබෙන රන්ජන්ගේ දැවැන්ත සේයාරුවට ප්‍රේක්ෂකයෝ මල්මාලා දමා ඇති බව සිනමාහල් හිමියන් පවසන බවද වාර්තා වේ.
සාමාන්‍යයෙන් ඉන්දියානු සිනමා ශාලාවල එය සුලබ කරුණක් වුවත් මෙරට ඒ අයුරින් කටවුට් සැරසෙන්නේ මුල් වතාවටය.
මේ අතර එම ඡායාරූපවලට මල්මාලා දමා ඇත්තේ ඔහුගේම පිරිස් විසින් යැයි රාවයක්ද පැතිර යමින් පවතී. මේ පිළිබඳව "ශ්‍රී ලංකා මිරර් " ඔහුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි දේ සඳහා තමන්ට කාලයක් නැති බවත් බුදුන් වහන්සේ පවා නින්දා අපහාස ලැබූ බැවින් ඒවා ඉවසා විඳදරා ගන්නා බවත්ය.
රන්ජන් සමග රුවන්ගි රත්නායක, ශ්‍රිමාල් වෙඩිසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, සරත් චන්ද්‍රසිරි ඇතුළු නළු නිළියන් රැසක් ඩොක්ටර් නවරියන් රංගනයෙන් හැඩ ගන්වති.