Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 05, 2018

‘සංගීතාත්මය’ හෙට Featured

සංගීතවේදී දර්ශන රුවන් දිසානායකගේ සංගීත දිවියේ 18 වන සැමරුම වෙනුවෙන් ජනප්‍රිය ගායක ගායිකාවන් 25කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන "සංගීතාත්මය" වසරේ දැවැන්තම සංගීත සන්ධ්‍යාව හෙට (06) කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය වසින් ඉදිරිපත් කරන මෙම ගීත සන්ධ්‍යාව, කලාශූරී ලතා වල්පොල, කීර්ති පැස්කුවෙල්, නිරෝෂා විරාජනී, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, සේනානායක වෙරලියද්ද, ඉන්දිකා උපමාලි, චන්දන ලියනාරච්චි, ජානක වික්‍රමසිංහ, ශෂිකා නිසංසලා, රූනි, දුමාල් වර්ණකුලසූරිය, රවීන්ද්‍ර අලගියවන්න, තුසිත් සිම්සන්, කුෂානි සඳරේඛා, සූර්යා දයාරුවන්, හර්ෂණ දිසානායක, ලක්ශනා ලක්මිණ, වේරංජනා දුනුවිල, සමන් ලෙනින්, සචිනි නිසංසලා, සචිනි රණවක, ෂම්මිකා අමානි, රංජන් සාලි හා හිමාෂ දිසානායක ගේ මියුරු හඬින් ගීතවත් වනු ඇත.

ප්‍රවේශපත්‍ර Ticketslk.com වෙතින් සහ එදින දොරටුවෙන් ලබාගත හැක.

Sangithathmaya

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top