Sathosa

Jan 05, 2018

අවා ඔදොරි බලන්න... BMICH එන්න

ජපානයේ සම්ප්‍රදායික නර්තනයක් වන ‘අවා ඔදොරි’ ප්‍රසංගයක් ජනවාරි 09 කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් පිරීම සැමරීම සඳහා සංවිධානය කරන ලද ’Departure to the future of Sri Lanka & Japan’ වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස මෙය පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ හා එරට හොන්ගන්ජි පදනම විසින් සංවිධානය කර ඇති මෙම ප්‍රසංගය, ප.ව. 6.00 - 9.00 දක්වා පැවැත්වේ. ඇතුල්වීම සඳහා ගාස්තු අය කරනු නොලැබේ.

ජපානයේ තොකුෂිමා ප්‍රාන්තයේ උපත ලැබූ මෙම නර්තන සම්ප්‍රදාය, එරට ජනප්‍රියම නර්තන වලින් එකකි.

Awadorai

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top