Jan 07, 2018

දශකයට පස්සේ 6 TH LANE යළි කරළියට !

වසර 2004 - 2008 කාලයේදී සංගීත කේෂත්‍රයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ 6th Lane යළිත් කරළියට පැමිණ සිටී.

එකල ඔවුන් විසින් නිර්මාණය කරන ලද නිර්වාණය සංගීත ඇල්බමය අතිවිශාල ජනප්‍රියත්වයක් ලැබූ එකකි.

එහි තිබූ වස්සානය, මල් පෙත්තක්, අම්මා, moonlight, නිතම්බනී, දිනයක ඔබ මා හා නුබේ කදුලට යන ගීත ඒ අතරින් ඉහල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තේය.

සාමාජිකයන් අතර ඇතිවූ විරසක හේතුවෙන් මේ කණ්ඩායම විසිරී ගිය බවට එකල රාවයක් පැවැතිනි.

කෙසේවුවද, මේ පිරිස පසුගියදා නැවත අලුත් ගීතයක් වෙනුවෙන් එක්ව තිබිණි.

සැමදා ලෙස නම්කර ඇති ඒ ගීතය මේදිනවල සමාජ වෙබ් ජාලා තුළ ඉතා ජනප්‍රිය එකක් බවට ද පත්ව තිබේ.

එම ගීතය පහතින් නරඹන්න..

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top