Jan 08, 2018

පද්මාවතී 25දා එළදකී ද?

ඉන්දීය සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇතිකළ සංජේ ලීලා බන්සාලි ගේ පද්මාවතී චිත්‍රපටයේ එළිදැක්වීම ජනවාරි 26දා සිදුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍රපටයේ කතාමාලාව හා යම් ජවනිකා හේතුවෙන් ඇතිවූ සමාජ ආන්දෝලයත් සමග එහි එළිදැක්වීම දිගින් දිගටම පමාවිය.

කෙසේවෙතත්, පද්මාවතී ප්‍රදර්ශනය සඳහා ඉන්දීය චිත්‍රපට අනුමත කරන මධ්‍යම මණ්ඩලයේ (CBFC) අවසරය පසුගියදා හිමිවිය. කෙසේවෙතත්, එහි එළිදැක්වීමේ නිශ්චිත දිනයක් මේ දක්වා නල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

කෙසේවෙතත්, මෙම චිත්‍රපටය 26දා සිදුවුවහොත්, ඊට දිනකට පෙරාතුව එළිදැක්වීමට නියමිත අක්ෂේ කුමාර් ගේ ‘පෑඩ් මෑන්’ චිත්‍රපටයට පද්මාවතී හා තරග කිරීමට සිදුවනු ඇත.

සබැඳි පුවත් :

බොලිවුඩ් සිනමාවේ ජයග්‍රහණයක්!

පද්මාවතී ගේ ‘ගූමර්’ හිට් වෙයි! (වීඩියෝ)

දීපිකා, සංජේ ගේ හිස් වලට ඩොලර් මිලියන 1.5ක්?

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top