ඇන්ජලින් සහ චිත්රපට පසුබිම් ගායනයේ වැජඹුණු යුවළක්. මේ දෙන්නා අතරේ කාලයක පටන් විරසකවීමක් තිබුණා කියන එක ප්රසිද්ධ රහසක්.
කෙසේ වෙතත් පරණ නොහොද නෝක්කාඩුකම් අමතක කරලා ඇයට උපන්දින කේක් එකකුත් රැගෙන ලතා එදා උපන් දිනයට සහභාගී වුණේ හදේ උපන් ආදරය නිසාමයි.
මේ වෙන කොට අංශභාග රෝගී තත්ත්වයෙන් පසුවන ඇන්ජලීන්ට ලතාගේ පැමිණීමත් විශ්මය දනවන්නක් වුණා.
කොහොම හරි නිමේෂයකින් මේ දෙන්නා එකිනෙකා වැළඳ ගත්තේ සතුටු කඳුළු වගුරවමින්. මේ දෙන්නා ආගිය තොරතුරු කතාබහ කරන අතරේ තවත් අමුත්තෙක් මේ නිවහනට එන්නේ ඇන්ජලින්ට උපන් දින සුබපැතුම් එක්කරන්නත් ඇගේ අසනීප තත්ත්වයට ප්රතිකාර කරන්න වෙදැදුරෙකුත් අරගෙනමයි. ඒ අන් කවුරුවත් නොව ප්රවීණ ඡායාරූප ශිල්පී, ගායන ශිල්පී දයාන් විතාරණ.
ලතාගේ පැමිණීම ගැන කිසිවකුත් නොදත් දයාන් රෝග තත්ත්වයට නම් දැරූ වරුණ අනූෂාන් සෙනෙවිරත්න වෙද මහත්තයා සමඟ ඇන්ජලින්ගේ නිවහනට එනකොට ඇන්ජලිනුත් ලතාත් ගජ මිතුරියන් විලසින් ඉන්නවා දැක්කම දයානුත් විමතියට පත් වෙලා.
අතේ ආබාධයක් නිසාවෙන් සාරිය ඇඳ ගැනීමට අපහසු ඇන්ජලින්ව එදා හැඩ වුණේ ලතාගේම අතින්. ඇගේ බෑගයේ තිබූ ලිප්ස්ටික් ඇන්ජලින්ගේ දෙතොලේ තවරා හැඩ කළේ ද ලතා.
"අද මාව ලිප්ස්ටික් ගාලා කරාබු දාලා ඇඳුම ඇන්දුවේ ලතා. ඒ අතින් මම හරි වාසනාවන්තයි. අනේ ඇයි අපි විරසක වුණේ. දැන් අපි හොඳ යාළුවෝ". ඇන්ජලින් එහෙම කියමින් ලතාත් දයානුත් සමඟ "මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා" . . . ගීතය ගායනා කළා.
කෙහොම හරි ඇන්ජලින්ට සුවය ලැබුණු ගමන් මේ දෙපළගේම එකතුවෙන් ගීත ප්රසංගයක් පවත්වන්න තමයි ලතාගෙත් ඇන්ජලින්ගේත් එකම ප්රාර්ථනය වී තිබෙන්නේ.
ඡායා - සරසවිය