Sathosa

Jan 11, 2018

ITN වෙනස් කතාබහක් : OVER THE SHOULDER

ටෙලිවිෂන් සම්මුඛ සාකච්ඡා වැඩසටහන්වලට විචිත්‍ර මානයක් එකතු කරමින්, `OVER THE SHOULDER වෙනස් කතාබහක්` නමින් නව වැඩසටහනක්, ජනවාරි 12 දා සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 ට විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම් වෙයි.

රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කරන OVER THE SHOULDER වැඩසටහන මෙහෙයවනු ලබන්නේ විමල් කැටිපෙආරච්චි විසිනි.

පළමු වැඩසටහනට සහභාගී වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකය.

මෙම වැඩසටහනට සහභාගී වන ආරාධිතයන් සමග ඔවුන් මෙතෙක් මාධ්‍යයකට හෙළි නොකළ කරුණු අනාවරණය කරගනිමින් ජීවිතය හා සමාජය ගැන `වෙනස් කතාබහක්` ඇතිකරගැනීම, OVER THE SHOULDER අරමුණ වෙයි.

OVER THE SHOULDER වැඩසටහනට අමතරව, 2018 වසර ඇරඹීමත් සමග නව වැඩසටහන් පොකුරක් ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරන්නට ස්වාධීන රූපවාහිනිය සූදානම්වන බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top