Sathosa

Jan 11, 2018

'පල්පසා කැෆේ' අද එළිදකී

සුනන්ද දේශප්‍රිය මහතා විසින් පරිවර්තනය කරන ලද 'පල්පසා කැෆේ' නවකතාව අද (11දා) සවස 3.30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය.

මෙහිදී 'යුද්ධය, මානව හිමිකම් සහ කලාව' මැයෙන් කෙරෙන සාකච්ඡා සභාවේ මුලසුන එස්.ජී. පුංචිහේවා විසින් දරනු ඇති අතර කතාබහට මුලපිරුම චූලානන්ද සමරනායක විසින් කිරීමට නියමිතය.

සන්ධ්‍යා එක්නැළිගොඩ සහ ජයතිලක බණ්ඩාර යන අය ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

නාරායන් වග්ලේ විසින් රචිත මෙම කෘතිය නේපාලි බසින් සිංහල බසට පරිවර්තනය වුණු ප්‍රථම නවකතාව වේ. ගරිල්ලා යුද්ධය, ආදරය සහ මානව හිමිකම් තේමා කොටගත් 'පල්පසා කැෆේ' කෘතිය 'ලංකා නිව්ස් වෙබ්' අනුබද්ධ 'නෙළුම් යාය' ප්‍රකාශනයකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top