Jan 12, 2018

රිකී මාටින් විවාහ වෙයි

අතිජනප්‍රිය ලතින් ඇමෙරිකානු ගායකයෙකු හා නළුවෙකු වන රිකී මාටින් විවාහ වී ඇතැයි වාර්තා වේ.

ඔහුගේ සහකරු වන්නේ නළුවෙකු වන ජ්වාන් යෝසෙෆ් ය.

E! News පුවත්සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමා විවාහක ස්වාමිපුරුෂයෙකු බවයි. කෙසේවෙතත්, ඔවුන් සිය විවාහය සැමරීමට මාස දෙකකින් පමණ විශාල උත්සවයක් ගැනීමට අදහස් කර සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ The Assassination of Gianni Versace: American Crime Story නම් නව ඇමෙරිකානු රූපවාහිනි නාට්‍යයේ එළිදැක්වීමට සහභාගී වූ අවස්ථාවේදීය. එම නාට්‍යයේදී ඔහු ඉතාලි ජාතික විලාසිතා නිර්මාණ ශිල්පි ජියානි වර්සාචි ගේ සමලිංගික පෙම්වතා වන ඇන්තෝනියෝ ඩි’ඇමිකෝ ගේ චරිතයට පණපොවයි.

සබැඳි පුවත :

රිකී මාටින් විවාහ ගිවිසගෙන

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top