මෙහිදී 'යුද්ධය, මානව හිමිකම් සහ කලාව' මැයෙන් කෙරෙන සාකච්ඡා සභාවේ මුලසුන එස්.ජී. පුංචිහේවා විසින් දරනු ඇති අතර කතාබහට චූලානන්ද සමරනායක සන්ධ්‍යා එක්නැලිගොඩ හා ජයතිලක බණ්ඩාර ද එක්විය.
නාරායන් වග්ලේ විසින් රචිත මෙම කෘතිය නේපාලි බසින් සිංහල බසට පරිවර්තනය වුණු ප්‍රථම නවකතාව වේ. ගරිල්ලා යුද්ධය, ආදරය සහ මානව හිමිකම් තේමා කොටගත් 'පල්පසා කැෆේ' කෘතිය 'ලංකා නිව්ස් වෙබ්' අනුබද්ධ 'නෙළුම් යාය' ප්රකාශනයකි.
මෙම අවස්ථාවේදී සුනන්ද දේශප්‍රිය මහතා විසින් සිය පරිවර්තනය පිළිබඳව කෙටියෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනි :