Jan 16, 2018

ක්‍රෑන්බෙරීස් ගායිකා ඩොලාරස් සමුගනී

බටහිර සංගීත ලෝකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ක්‍රෑන්බෙරීස් හි ප්‍රධාන ගායිකා ඩොලාරස් ඕ’රියෝඩන් මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට ඇය 46 වියේ පසුවිය.

අයිරිෂ් ජාතිකයෙකු වූ ඇය, සිය සංගීත කණ්ඩායම සමග කෙටි පටිගතකිරීමේ සැසියකට ලන්ඩනයට පැමිණ සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇගේ මරණයට හේතුව මේ දක්වා වාර්තා වී නැත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top