‘ෆයර් ඇන්ඩ් ෆියුරි’ කෘතියේ කර්තෘ වන මාධ්‍යවේදී මයිකල් වුල්ෆ් විසින් මෙහි රූපවාහිනී විකාශන අයිතීන් මිලියන ගණනකට අලෙවි කර ඇතැයි හොලිවුඩ් රිපෝටර් වෙබ් අඩවියේ දැක්වේ.
කෙසේවෙතත්, මෙම ටෙලි නාට්‍ය මාලාව විකාශනය වන නාලිකාව තවමත් හෙළි වී නොමැත.
මෙම ටෙලි නාට්‍ය මාලාවේ විධායක නිෂ්පාදකවරුන් ලෙස වුල්ෆ් මහතා මෙන්ම චැනල් 4 හා බීබීසී හි හිටපු විධායක නිලධාරී මයිකල් ජැක්සන් මහතා එක්වනු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
‘ෆයර් ඇන්ඩ් ෆියුරි’ කෘතිය මේ වන විට ලොව වැඩියෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති අතර, එය ට්‍රම්ප් ගේ දැඩි විවේචනයට ලක් වී තිබුණි.