Sathosa

Jan 23, 2018

දර්ශන ගේ කෘති යුගලක් 26දා එළිදකී

මාධ්‍යවේදී හා විශ්ව විද්‍යාල ආචාර්ය දර්ශන අශෝක කුමාර මහතා ගේ නව කෘති ද්විත්වයේ එළිදැකීම ජනවාරි 26දා ප.ව. 3.30ට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කව් සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් හා Asian Perspectives in Communication යන කෘති ද්විත්වය මෙහිදී එළිදකිනු ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යාව අධ්‍යනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය ඩෙන්මන්ඩ් මල්ලිකාරච්චි මහතා විසින් මුලසුන හෙබවන මෙම අවස්ථාවේදී මහාචාර්ය වෝල්ටර් මාරසිංහ, ජේ‍යෂ්ට කථිකාචාර්ය සුමිත් චාමින්ද හා හෂිත අබේවර්ධන යන මහතුන් විසින් දේශන පවත්වනු ඇත.

කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් නම් කෘතිය තුළින් කව්සිළුමිණ නම් කෘතිය රචනා වන දඹදෙණිය යුගය තුළ සහ ඉන් පෙර මෙරට පැවති දේශපාලන, සමාජ සහ සංස්කෘතික තත්ත්වය පිළිබඳ හැදෑරීමක් වෙයි. කව්සිළුමිණ කෙරෙහි එම තත්ත්වයන් දෘෂ්ටිවාදී ලෙස බලපෑවේ කෙසේද යන්න ප්‍රතිගවේෂණය කිරීමක් මෙමඟින් සිදු වෙයි. 

Asian Perspectives in Communication නම් කෘතිය තුළ දර්ශන මූලික වශයෙන් ශ්‍රී ලංකාවට සහ ආසියාකරයට හොඳින් භාවිත කළ හැකි සන්නිවේදන ආකෘතියක් පිළිබද පර්යේෂණයක නිරත වෙයි. එහි දී බුදු දහම, තාඕ දහම, හින්දු දහම ආදී දර්ශනයනගෙන් ආභාශය ලබා ගෙන තිබේ.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන දර්ශන මහතා විශ්ව විද්‍යාල කිහිපයක මෙන්ම උසස් අධ්‍යාපන ආයතන කිහිපයකම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි.

මීට පෙරද ඔහු විසින් මාධ්‍ය අධ්‍යයනය, මාධ්‍ය කාලාව, දේශපාලන සන්නිවේදනය යන මාතෘකා සම්බන්ධයෙන් කෘති පහක් පළ කර ඇත. මේ එළිදැක්වෙන්නේ ඔහුගේ සයවැනි හා සත්වැනි කෘති ද්විත්වයයි.

book1

book2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top