Pasidol
Jan 26, 2018

චීන චිත්‍රපටි පෙළක් පෙබරවාරියේ

චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව තෙවන වරටත් සංවිධානය කරන ලද චීන සිනමා උළෙල පෙබරවාරි මස පළමු වැනිදා සිට හය වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සිනමා උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙහි සමාරම්භක උළෙල සඳහා චීන සහ හොංකොං රටවල්හි ජනප්‍රිය නළු නිළියන් සහභාගී වන අතර මෙවර සිනමා උළෙලේදී චිත්‍රපට අටක් තිරගත කෙරේ.

තිරගත කිරීමට නියමිත චිත්‍රපට,

පෙබරවාරි 01 සවස 6.30 කෝල්ඩ් වෝර්
පෙබරවාරි 02 සවස 6.30 ද මාස්ටර්
පෙබරවාරි 03 සවස 2.30 අ ටේල් ඔෆ් ත්‍රී සිටීස්
පෙබරවාරි 03 සවස 6.30 මංකි කින්ග්
පෙබරවාරි 04 සවස 2.30 සේව් මිස්ටර් වූ
පෙබරවාරි 04 සවස 6.30 ටික් ටොක්
පෙබරවාරි 05 සවස 6.30 ඩෙඩ් එන්ඩ්
පෙබරවාරි 06 සවස 6.30 මොජින් ද ලාස්ට් ලෙජන්ඩ්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top