Pasidol
Jan 28, 2018

ගාලු සාහිත්‍ය උලළේ නිර්මාතෘ ජෙෆ්රිට විශේෂ සම්මානයක් !

වසර 2017 ෆෙයාර් වේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා ගාල්ලේ දී පැවැත්විණි.

එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සාහිත්‍ය කෘති වෙනුවෙන් සම්මාන පිරි නමන එකම සම්මාන උළෙල ෆෙයාර් වේ බවයි.

ජාතීන් අතර සමගිය ගොඩනැංවීම සඳහා එය අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ 70 වෙනි නිදහස් සමරුව අබියස සිටින මේ මොහොත සැබෑ සංහිඳියාව, සාමය, ස්ථාවරභාවය සහ සමෘද්ධිය රටට අත්‍යාවශ්‍ය බවයි.

අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාව තුන්වැනි ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලළේදී 2017 වසරේ හොඳම සිංහල නවකතාවට හිමි සම්මානය හිමි කරගැනීමට සමත් විය.

ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ භාෂා ත්‍රිත්වයෙන්ම පැවති අතර සිංහල භාෂා අංශයෙන් නවකතා 87ක් ඉදිරිපත් වී තිබිණි.

ඉන් නිශ්ශංක විජේමාන්න රචිත හඳ පළුව තනි තරුව, විමල් උදය හපුගොඩආරච්චි රචිත යකඩ සිල්පර, කීර්ති වැලිසරගේ රචිත ගරුඬ මුහුර්තය, අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව සහ දීප්ති මංගලා රාජපක්ෂ රචිත නිකිණි කළුවර අවසන් වටයට තේරී පත්ව තිබිණි.

දෙමළ අංශයේ හොඳම නවකතාවට හිමි සම්මානය තේනියම් රචිත ‘ඊතනම්’ කෘතියට හිමි වූ අතර ඉංග්‍රීසි භාෂා අංශයේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගැනීමට ‘ද අදර් වන්’ නවකතාව ලියූ අමන්දා ජේ සමත්වූවාය.

සම්මාන උලළේදී පළමු වරට සාර්ක් සාහිත්‍ය සම්මානය හඳුන්වා දෙන ලදි. ඒ අනුව පළමු සාර්ක් සාහිත්‍ය සම්මානය, ඇෆ්ගනිස්තානයේ සාහිත්‍ය සහ සංස්කෘතික සංවර්ධනය වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් නජිබුල්ලා මලලායීට හිමිවිය.

ගාලු සාහිත්‍ය උලළේ නිර්මාතෘ ජෙෆ්රි ඩෝබ්ස් සම්මාන උලළේදී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.

Sl literry 1

Sl literry 2

Sl literry 3

Sl literry 4

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top