ඔවුන් මෙලෙස සුදු රෝස මල් පැළඳ සිටියේ හොලිවුඩයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ටයිම්ස් අප් ව්‍යාපාරයට සහයෝගය දැක්වීමක් වශයෙනි. ක්ෂේත්රය තුළ ඇති වන හිංසනය හා ස්ත්‍රී-පුරුෂ භේදය පදනම්කරගත් අසමානතා වලට එරෙහිව මෙම ව්‍යාපාරය සටන් කරයි.
මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන බහුතරයක් දිනාගැනීමට බෲනෝ මාස් හා කෙන්ඩ්‍රික් ලමාර් සමත් වූ අතර, ප්‍රධාන සම්මානයක් දිනාගැනීමට සමත් වූ එකම කාන්තාව වන්නේ ඇලීෂියා කාරා ය.
(වීඩියෝ : AFP පුවත් සේවය)