Feb 05, 2018

පතී වත 08දා එළිදකී!

පසුගියදා දිවියෙන් සමුගත් ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජයන් සැමරීමට එම මහතා පිළිබද මතකයන් එක් කර කෘතියක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්‍ෂකවරුන්ගේ සංගමය කටයුතු කර ඇත.

මෙම කෘතිය පෙබරවාරි 08 දා වස 5.00ට තරංගනී සිනමා ශාලාවේදී එළිදකිනු ඇත. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගම විසින් මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

මීට සමගාමීව එදිනම පතිරාජයන්ගේ සිනමා කෘති කිහිපයක් ප්‍රධර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.

පෙ.ව. 10.00 – පාරදිගේ

ප.ව. 1.00 – මතුයම් දවස

ප. ව. 3.00 – In search of a road

ප.ව. 7.00 – ස්වරූප

pathiwatha

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top