කෙසේවෙතත්, මෙය පිකාසෝ ගැන පුවතක් නොව පිග්කාසෝ ගැන පුවතකි.
පිග්කාසෝ යනු රාත්තල් 450ක් බරැති ඊරියෙකි. මරණ මංචකය අසබඩදී පිග්කාසෝ ගේ ගැලවුම්කාරිය වූයේ දකුණු අප්රිකාවේ සත්ත්ව හිමිකම් ක්රියාකාරණියක් ලෙස කටයුතු කරන ජොඇන් ලෙෆ්සන් ය.
මෙම සත්ත්වයාව සිය ගොවිපලට රැගෙන ගිය ලෙෆ්සන්, සෙල්ලම් බඩු රැසක් ලබා දුන් අතර, ඒ අතර පින්සල් කිහිපයක් ද විය. පින්සල් වලට පිග්කාසෝ දැක්වූ මනාපය හේතුවෙන් ම ඇයට කැන්වසයක් හා තීන්ත ද තබා බලා සිටි ලෙෆ්සන් හට දැකගැනීමට ලැබී ඇත්තේ පිග්කාසෝ විසින් තීන්ත ගැල්වූ පින්සල් වලින් කැන්වසය සිතුවම් කරන ආකාරයයි.
මේ වන විට පිග්කාසෝ හට චිත්ර එකතුවක් ද පවතින අතර, ඇගේ සිතුවමක් ලබාගැනීමට කලා නිර්මාණ එකතු කරන්නන් විසින් ඩොලර් 2,000 - 3000ක් අතර මුදලක් ගෙවන බව ලෙෆ්සන් පවසයි.
“මම ඇයට චිත්ර අඳින්න බල කරන්නෑ. ඇය අඳින්නෙ ඇයට ඕන වුනාම…” යැයි ලෙෆ්සන් පවසයි.
මේ වන විට චිත්ර සිතුවම් කරන එකම ඊරිය වන පිග්කාසෝ චිත්ර අඳින ආකාරයේ වීඩියෝවකි මේ.