ඔහු තමයි නොම්මර එකයි, චාන්දනි ආදි සිනමාපටයන් නිෂ්පාදනය කළේ. අනෙක් කෙනා පරාක්රම ජයසිංහ. එකදා වැහි නිර්මාණය කරමින් සම්මානනීය වූ හෙතෙම මේ දිනවලදී කූඹියෝ ටෙලි සිතුවමේ නායක සහෝදරයාගේ චරිතය මවනවා.
රාජ් සහ පරා හරි හරියට එදා පාරේ ඉඳන් වාදේ. මේ වන විට පවතින චිත්රපට අර්බුදය ගැනයි මේ වාග් හුවමාරුව. දෙන්නා එකිනෙකාට වෙනස් තර්ක දානවා. පාරේ ඉන්න අයටත් මේක ඇහෙනවා. එච්චරටම උස් හඬිනුයි දෙන්නා කතා කරන්නේ.
දෙමස්සිනාලා වෙච්ච මේ දෙන්නා පාරෙද ඉන්නේ කියලාවත් නොදැන මෙහෙම තර්ක කළාට දෙන්නගෙ ගෙවල් තියෙන්නේ එතැනට යාබදවයි. අනේ අම්මපා ගෙවල්වලට වෙලා තර්ක කරන්නේ නැතුව මොකට පාරට බැස්සද දන්නෙ නැහැ කියලා ඔවුන්ගේ හිතවතෙක් කියාගෙන යනවා අහන්නට ලැබුණා.