Sathosa

Feb 08, 2018

‘ස්පයිස් ගර්ල්ස්’ යළි එක්වෙයි?

ලොව අනූවැනි දශකයේ ජනප්‍රියතම කාන්තා පොප් කණ්ඩායමක් ලෙස කිරුළු පැළඳි ‘ස්පයිස් ගර්ල්ස්’ යළිත් එක්වීමට නියමිත බවට මේදින වල රාවයක් පැතිර යයි.

මේ පිළිබඳව මුලින්ම කසුකුසුවක් ඇතිවූයේ එම සංගීත කණ්ඩායමේ බේබි ස්පයිස් ලෙස ජනප්‍රිය වූ එමා බන්ටන් විසින් ‘ස්පයිස් ගර්ල්ස්’ සාමාජිකයන් සියල්ල සමග ගත් ඡායාරූපයක් පසුගිය සතියේදී ඉන්ස්ටර්ග්‍රෑම් වෙත එක්කිරීමෙන් අනතුරුවය.

nintchdbpict000382378274

මේ අතර, ඊයේ දිනයේදී (07) ලොව ජනප්‍රිය විනෝදස්වාද පුවත් වාර්තා කරන TMZ වෙබ්අඩවිය වාර්තා කර තිබුණේ ‘ස්පයිස් ගර්ල්ස්’ කණ්ඩායම පසුගිය සතියේදී ඔවුන්ගේ හිටපු කළමනාකරු වන සයිමන් ෆුලර් හමුවී ඇති බවයි.

මේ වසරේ දී බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේ ප්‍රසංග පෙළක් පැවැත්වීමට ද ඔවුන් අදහස් කර සිටින බව එහි වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව ‘ස්පයිස් ගර්ල්ස්’ විසින් තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top