Sathosa

Feb 13, 2018

"සුළං කිරිල්ලී" නැවත තිරගත කරයි

චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යංගනීගේ සිනමා නිර්මාණයක් වන " සුළං කිරිල්ලී" චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තරංගනී සිනමා ශාලාවේදී තිරගත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කර තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවිධානයෙන් පැවැත්වෙන සිනමා කතිකාවේ 2018 වසර පළමු පියවර ලෙස පෙබරවාරි 15 වැනි දින සවස 2 ට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය හා සංවාදය සිදු කෙරේ.
කතිකාවතේ දේශකයන් ලෙස භූපති නලින් සහ විදර්ශන කන්නන්ගර සහභාගී වීමට නියමිතය.

දමිතා අබේරත්න සහ ලින්ටන් සේමගේ ප්‍රධාන චරිත නිරූපණය කරන "සුළං කිරිල්ලී " ජාත්‍යන්තර සම්මාන 9 ක් සහ දේශීය වශයෙන් සම්මාන 25 ක් දිනා ගැනීමට සමත් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top