Feb 19, 2018

‘ත්‍රී බිල්බෝඩ්ස්’ සඳහා බැෆ්ටා ජය

මෙවර පැවති බ්‍රිතාන්‍යයේ බැෆ්ටා සිනමා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට ‘ත්‍රී බිල්බෝඩ්ස් අවුට්සයිඩ් එබින්, මිසූරි’ චිත්‍රපටය සමත්වී තිබේ.

සිය දියණියගේ ඝාතනය සඳහා සාධාරණය සොයායන මවකගේ කතා පුවතක් වන මෙය සඳහා හොඳුම චිත්‍රපටය, හොඳුම බ්‍රිතාන්‍ය චිත්‍රපටය හා හොඳම නිළිය (ෆ්‍රැන්සස් මැක්ඩෝමන්ඩ්) සඳහා සම්මන හිමිවිය.

හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ‘ද ඩාකස්ට් අවර්’ චිත්‍රපටයේ වින්ස්ටන් චර්ච්හිල් ගේ චරිතයට පණපෙවූ ගැරී ඕල්ඩ්මන් ය.

මේ අතර, හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඇතුළු සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට ‘ද ෂේප් ඔෆ් වෝටර්’ චිත්‍රපටය සමත් විය.

මෙම සම්මාන උළෙලට රැස් වූ නළු නිළියන් රැසක් ද ‘ටයිම්ස් අප්’(Time’s Up) හා ‘මී ටූ’ (Me Too) ව්‍යාපාර වලට සහය ලබාදෙමින් කළු වතින් සැරසී සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top