විදුලි ගාස්තු අද (20) සිට 18%කින් පමණ ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබු අතර එම විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ.
ඒකක 0 සිට 30 දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු.180 දක්වා වැඩිකර ඇති අතර එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි.
ඒකක 31 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා වැඩිවන අතර එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30කි.
ඒකක 61 සිට 90 අතර රු. 400 සිට රු.480 දක්වාත්, ඒකක 91 සිට 120 අතර රු.1,000 සිට රු.1,180 දක්වා හා ඒකක 121 සිට 180 අතර රු.1,500 සිට රු.1,770 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ඒකක 180කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබේ.
එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට ලබන වසරේ(2024) වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි.
එහිදී ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු පහතින් දැක්වෙයි.