Connect with us

ව්‍යාපාර

අද සිට වෙළෙඳපොළට එන රට ලුණු

Published

on

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි.

ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේය.

මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිම සිදුකළේය.

එලෙස ආනයනය කරන ලද ලුණු අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් මෙම ලුණු මිල ඉහළ දැමීම තාවකාලිකව සිදුකර ඇති අතර එය එළැඹෙන මාර්තු මාසයෙන් පසු යළි පැවතී මිලටම ගෙනඒමට කටයුතු කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේය.

ව්‍යාපාර

මහ බැංකුවෙන් “පිරමීඩ විරෝධි සතියක්”

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමිඩ විරෝධි සතියක් සඳුදා (14) සිට ප්‍රකාශ කර ඇත. 

ජූලි 18 වැනිදා දක්වා මේ පිරමිඩ විරෝධී සතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ වන විට නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයන්හි විශාල වැඩිවීමක් සිදුව තිබීමත් ඒ හරහා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවත් දක්වමින් මෙලෙස පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

මේ වන විට පිරමිඩ යෝජනා ක්‍රම විවිධ ආකෘතිවලින් සමන්විතව පැමිණෙන බවත්, ඇතැම් පිරමිඩ යෝජනා ක්‍රම ගස් වැවීමේ යෝජනා ක්‍රම හෝ වෙනත් භාණ්ඩ ප්‍රවර්ධන මුවාවෙන් සිදු කරන බවත් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනිය පෙන්වා දුන්නාය.

පිරමිඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම පමණක් නොව, ඒ සඳහා මුදල් යෙදවීම පවා නීතියෙන් තහනම් කර ඇතැයි පැවසූ ඇය මේ තත්ත්වයන්ට නීතිය රකින පිරිස් පවා අසුව ඇති බවත්, එම නිසා මෙලෙසින් සමස්ත ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවත් අවධාරණය කළාය.

අවදානම් පිරමිඩ යෝජනා ක්‍රමයන් නිසා රටක සමස්ත ආර්ථිකයටම බලපෑම් එල්ල වන අතර, 90 දශකයේ ඇල්බේනියාවේ සමස්ත ආර්ථීකය කඩාවැටුණේ ද පිරමිඩ යෝජනා ක්‍රම හේතුවෙනි.

Continue Reading

ව්‍යාපාර

බ්‍රිතාන්‍ය වෙත තීරුබදු රහිතව භාණ්ඩ අපනයනයට ශ්‍රී ලංකාවට නව දොරටුවක්

Published

on

By

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ.

මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා මෙම නව ක්‍රමයට යාවත්කාලීන කිරීමේ කොටසක් ලෙස එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වඩාත් තරඟකාරී මිල ගණන් යටතේ ආනයනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි.

Continue Reading

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved