Connect with us

ව්‍යාපාර

එළවළු මිලේ වෙනසක්

Published

on

පෑලියගොඩ එළවලු මිල අද (10) අඩු වී තිබේ.

නුවර එළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවලු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වේ.

ඒ අනුව, කැරට් කිලෝවක මිල රුපියල් 200 ක් වන අතර, බෝංචි මිල රුපියල් 300 ක් වන බවයි සඳහන්ය.

එමෙන්ම, කරවිල කිලෝවක මිල රුපියල් 200ක් හා ලීක්ස් කිලෝවක මිල රුපියල් 200කි.

 තවත් එළවලු කිහිපයක කිලෝවක මිල ගණන් පහතින්,

  • තක්කාලි මිල රුපියල් 150
  • බණ්ඩක්කා මිල රුපියල් 100
  • වට්ටක්කා මිල රුපියල් 120
  • දෙහි මිල රුපියල් 250
  • වම්බටු මිල රුපියල් 200
  • වැටකොලු මිල රුපියල් 200

ව්‍යාපාර

ලාෆ්ස් ගෑස් මිල වෙනසක්?

Published

on

By

මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සදහන් කළේ මාසික මිල සූත්‍රය අනුව මෙම තීරණය ගත් බවයි.

ගෑස් මිල ඉහළ යෑමේ හැකියාවක් ඇති බවට පැතිර ගිය ආරංචිත් සමග පසුගිය දින කිහිපය පුරාම දිවයින පුරා ගෑස් හිඟයක්ද පැවතුණි.

පාරිභෝගිකයන් චෝදනා කළේ මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවෙන් ගෑස් අලෙවිසැල් ගෑස් සඟවා ඇති බවය.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සළකුණ වන ගෑස් සිලින්ඩරයෙන් මැතිවරණයට පෙර ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවටද ඇතැම් පාර්ශව චෝදනා කරයි.

මන්ද ජනාධිපතිවරයා සහ මැතිවරණ ප්‍රචාරණයෙහි යෙදෙන පොහොට්ටුවෙන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට පැමිණි පිරිස ගෑස් පෝලිම් අවසන් කිරීම සහ ගෑස් ප්‍රශ්න විසදූ බවට දිගින් දිගටම ප්‍රචාරය කිරීම මීට හේතුවය.

Continue Reading

පුවත්

ඉන්ධන මිල අඩුවේ

Published

on

By

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

Continue Reading

ව්‍යාපාර

ලබන මාසයේ සිදුවන “ඇපල්” එළිදැක්වීම

Published

on

By

ලබන සැප්තැම්බර් 10 වන දින ඇපල් සමාගම එහි විශාලතම නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

එදිනට ඇපල් සමාගම නවතම ඉඵ්හොනෙ, ඇපල් අත් ඔරලෝසු සහ AirPods එළිදක්වන බවයි Bloomberg News වාර්තා කරයි.

සමාගම එම දිනය සඳහා සූදානම් වෙමින් සිටින අතර, නිශ්චිත වේලාව තවමත් ප්‍රකාශයට පත් කර නැතත්, ඉන් පසුව, මෑත වසරවල Apple හි සාමාන්‍ය ප්‍රවේශයට අනුකූලව, සැප්තැම්බර් 20 වන දින එම නව Apple දුරකථන පාරිභෝගිකයාට ලබා ගත හැකිය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved