Connect with us

පුවත්

කඹයක් යොදාගෙන නෙළුම් කුළුණෙන් බැසීමට අවස්ථාව ළඟදීම

Published

on

ත්‍රාසජනක ක්‍රියාකාරකම් අත්වීඳීමට කැමැති පුද්ගලයන් සඳහා නෙළුම් කුලුනේ සිට පහතට බැසීමේ අත්දැකීම නුදුරේදීම සලසා දීමට එහි පරිපාලනය තීරණය කර තිබේ.

නෙළුම් කුලුනේ පරිපාලනය හෙවත් සීමාසහිත Colombo Lotus Tower Management Company (Private) Limited සමාගම ඔවුන්ගේ නවතම නියමු වැඩසටහන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ඇබ්සීලින්’ ක්‍රියාකාරකම් (abseiling activity) පසුගියදා අත්හදා බැලීය.

Abseiling යනු කඹයක් භාවිත කරමින් සිරස් අතට පහළට බැසීමේ ත්‍රාසජනක ක්‍රියාකාරකමකි. 

Lotus Tower Management Company Pvt Ltd ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, ඇබ්සීලින් ක්‍රියාකාරකම් දෙසැම්බර් අවසානයේ හෝ ලබන වසරේ ජනවාරි මස මුල මහ ජනතාවට විවෘත කිරීමට සූදානම් බවයි.

සාමාජිකයන් හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා මෙහි නියමු වැඩසටහන සටහන් කිරීම සඳහා කුලුන මුදුනේ සිට මීටර් 195ක් උසින් බැසීමේ ක්‍රියාකාරකමක පළමු වරට නිරත වූ බවද හෙතෙම සඳහන් කළේය.

පුවත්

අපරාධකරුවන් මර්දනයට STF කණ්ඩායම් 15ක්

Published

on

By

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම කණ්ඩායම් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳ විමර්ශනය කරන බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

බීමතින්  පාසැල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි රියැදුරෙක් අත්අඩංගුවට

Published

on

By

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වූ රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බස්රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.

අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (20) නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට හා රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරමින් සිටී.

Continue Reading

පුවත්

දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා, පරීක්ෂණ කමිටුව නිෂ්ප්‍රභ කරයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියේය.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය ලබා දෙන ලද අතර ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා විසින් මුලික විරෝධතා ත්‍රිත්වයක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කරන ලදී.

එම කරුණුදැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය සටහන් කර ඇත.

සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට මෙහිදී තීරණය විය.

කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන 28 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට තීරණය කර ඇත.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved