Connect with us

පුවත්

කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කාලය දිගු වෙයි

Published

on

2022 නොවැම්බර් 01 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කාලපරිච්ඡේදය විනාඩි 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 9.30 – පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක වන අතර, පෙරවරු 10.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.00 – පස්වරු 1.00 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගණුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 ක් වේ.

Continue Reading

පුවත්

රජීව් අමරසූරිය, නීතිඥ සංගමයේ සභාපති ධුරයට

Published

on

By

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත.

නීතිඥ සංගමයේ නිලවරයණය අද (19) කොළඹ දී සිදුවිය.

Continue Reading

පුවත්

පුංචි ඡන්දයේ ඇප මුදල් නැවත ගෙවීමට පියවර

Published

on

By

2023 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරනු ලැබූ තැන්පතු, මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි ආපසු ගෙවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබුණි

2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් තබන ලදී.

පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතේ 2(3) වගන්තිය අනුව එම තැන්පතු සිදුකරනු ලැබූ තැනැත්තා වෙත ආපසු ගෙවිය යුතු යැයි දක්වා තිබේ.

එමෙන්ම තැන්පතු සිදුකරනු ලැබූ තැනැත්තාට ඒ වෙනුවෙන් නිකුත් කර තිබූ ලදුපත නැවත්ත ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව තැන්පත් කරන ලද ඇප මුදල් ආපසු ගෙවීම සඳහා,

•එකී ආඥා පනතේ 29(3) වන උප වගන්තිය යටතේ, ඇප තැන්පත් මුදල් භාර අවස්ථාවේ දී ඇප මුදල් තැන්පත් කරන ලද තැනැත්තා වෙත ලබාදෙන ලද ලදුපතෙහි මුල් පිටපත; හා

•ඇප තැන්පත් මුදල් ආපසු ඉල්ලීමේ ලිපියක්; සමඟ

ඇප මුදල් තැන්පත් කරන ලද අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත 2025.02.28 දිනට පෙර භාරදිය යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

2025.02.28 දිනට පෙර භාරදෙනු ලබන ඉල්ලීම් සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් අදාළ තැනැත්තන් වෙත ඇප තැන්පත් මුදල් ආපසු ගෙවීමට නොපමාව කටයුතු කරන ලෙසට වැඩිදුරටත් නිවේදනයෙන් දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන් දෙදෙනෙකු දිවයිනට

Published

on

By

රතු නිවේදන නිකුත් කර තිබූ මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අද (19) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්  තිබුණි.

මොවුන් අතරින් පළමු වැන්නා නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පළා යාම සඳහා උදව් උපකාර කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිඳු සන්දීප ගුණසේකරයි .
ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා මිනීමැරුම් , වෙඩි තැබීම් රාශියකටම , ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන අයයි

මොවුන් දෙදෙනා පස්වරු 12.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

තවත් මෙවැනිම රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් දෙදෙනෙකු අද රාත්‍රියේ  රැගෙන ඒමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved