Connect with us

ව්‍යාපාර

ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය ස්ථාපිත කෙරේ

Published

on

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දිවයිනේ දසත විසිරි සිටින ඛනිජ අපනයනකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් යුතුව නව වාණිජ මණ්ඩලයක් පසුගියදා ස්ථාපිත කළ බව එම වාණිජ මණ්ඩලය නිවේදනය කරයි.

ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (The Chamber of Mineral Exporters -CME Chamber) නම් වු මෙම නව වාණිජ මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම මෙන්ම ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ නව දැනුම හුවමාරු කිරීමට දායකත්වය  දෙන අතරම  ඛණිජ සඳහා දේශීයව අගය එකතු කිරීම සහතික කිරීම සඳහා උපරිම ලෙස දායක වෙමින්  ශ්‍රී ලංකාව සඳහා උපරිම වටිනාකම රඳවා ගැනීම ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන බව බව එම වාණිජ මණ්ඩලය සදහන් කරයි.

ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (CME Chamber) නිල වශයෙන් දියත් කරන ලද්දේ ඛනිජ සහ ඛනිජ පාදක නිෂ්පාදන කැණීම්, සැකසුම්, අගය එකතු කිරීම සහ අපනයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගම් වලින් සමන්විත සහයෝගීතා මුලපිරීමක් වශයෙන් බව මේ පිළිබඳව අදහස් දක්වමින් එහි ආරම්භක සභාපති අමිල ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

CME දියත් කිරිමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, 

• රට තුළ ඛනිජ සම්පත් කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ දියුණු කිරීම.

• දේශීය ඛනිජ සඳහා අගය එකතු කිරීම සාමූහිකව ආමන්ත්‍රණය කිරීම සහ වැඩි දියුණු කිරීම.

• කර්මාන්තය මුහුණ දෙන අභියෝග සාමූහිකව ආමන්ත්‍රණය කිරීම වැනි කාර්යයන් සදහා තම වාණිජ මණ්ඩලය ට හැකියාව පවතින බවයි.

“ආර්ථික වර්ධනය, රැකියා සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගැනීම වාණිජ මණ්ඩලයේ අරමුණයි. ජවසම්පන්න ඛනිජ සම්පත් කර්මාන්තයක් සඳහා ප්‍රධාන අපනයනකරුවන් ඒකාබද්ධ කිරිමට මෙම නව වාණිජ මණ්ඩලය හරහා අපිට හැකි විම කර්මාන්තයේ උන්නතිය දෙස සැලකිමෙිදි එය ඉතා ඉහළ සන්ධිස්ථානයක් ලෙස අපට සලකන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පවතින ඛනිජ ලවණ, එහි ගෝලීය ප්‍රවේශ හැකියාවන් දෙස සැලකිලිමත් විසේදි  රටේ ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරිමට වැඩ්  අවස්ථාවක්ද  ලබා දෙයි. සම්පත් ඵලදායී ලෙස උපයෝගී කර ගනිමින් ඛනිජ සම්පත් කර්මාන්තයේ වර්ධනය, නවෝත්පාදන සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වාණිජ මණ්ඩලයේ අරමුණයි. ” සභාපති අමිල ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

උප සභාපති ඒ එෆ් එම් ෆාරුක් මහතා වාණිජ මණ්ඩලයේ අරමුණු තවදුරටත් පැහැදිලි කරමින් මෙසේ කිය.

• ඛනිජ කර්මාන්තය ශ්‍රී ලංකාව සඳහා ප්‍රධාන අපනයන ආදායම් උත්පාදකයක් ලෙස ස්ථානගත කිරීම

• විදේශ විනිමය ඉපැයීම් සහ සමස්ත ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා හවුල්කාරිත්වයන් ස්ථාපිත කිරීම සහ ආයෝජන දිරිමත් කිරීම.

• ඛනිජ කර්මාන්තය නව තලයකට ගෙනයාම, රැකියා උත්පාදනය කිරීම සහ ගෝලීය වෙළඳපොලේ තරඟකාරිත්වය ඉහළ නැංවීම.

• තිරසාර සංවර්ධනය සහ වගකිවයුතු පතල් කැණීම් පිළිවෙත් සඳහා දිගුකාලීන ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය සමඟ එක්ව කටයුතු කිරීම.

• පරිසර හිතකාමී භාවිතයන්, තිරසාර කැණීම් සහ අනාගත පරම්පරාව සඳහා ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ හවුල් විම ද  තම වාණිජ මණ්ඩලයේ අරමුණු අතර වන බව පැවසිය.

ජයසිංහ තවදුරටත් පැහැදිලි කළේ තම සංගමයේ සහයෝගී ප්‍රයත්නය හේතුවෙන් ඔවුන්ගේ කර්මාන්තයේ ප්‍රතිලාභ නැවත රටට ගෙන යා හැකි බවයි. ඔවුන්ගේ ගමනේ ඇති නොයෙකුත් බාධක සහ අනිකුත් සීමා  හේතුවෙන් කර්මාන්තයේ ප්‍රගතිය බෙහෙවින් අඩාල වූ බවත්, ඒ අතරේ 

• ආයෝජන තීරණ සහ දිගුකාලීන සැලසුම් වලට බලපාන වේගවත් ප්‍රතිපත්ති වෙනස්කම්, නොගැලපෙන රෙගුලාසි සහ බදු නීති.

• තීරණ ගැනීමේ සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රමාදයන් ඇති කරන දේශපාලන අස්ථාවරත්වය.

• ආයෝජකයින්ගේ විශ්වාසය, ණය ගැනීමේ පිරිවැය සහ විනිමය අනුපාත  උච්චාවචනයන් කෙරෙහි බලපාන ඉහළ ස්වෛරී අවදානම.

• ව්‍යාපෘති මන්දගාමී වන සහ පිරිවැය වැඩි කරන දීර්ඝ හා සංකීර්ණ නියාමන ක්‍රියාවලි.

• විරෝධය හේතුවෙන් ව්‍යාපෘති ප්‍රමාදයන් ඇති කරන පදනම් විරහිත පාරිසරික සහ සමාජීය බලපැම්

• ගෝලීය භාණ්ඩ මිල උච්චාවචනයින් සහ ආදායම් සහ ලාභදායිත්වයට බලපාන විවිධාකාරයේ ඉල්ලීම් .

• වෙළඳ ප්‍රතිපත්ති, තීරුබදු සහ ජාත්‍යන්තර සබඳතාවල වෙනස්කම් ඇතුළුව සංකීර්ණත්වය එකතු කරන භූ දේශපාලනික වර්ධනයන් ප්‍රධාන වු බවත් පැවසිය.

ස්වකිය කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරිමට බලාපොරොත්තුවන බවත් ඒ හරහා රටේ අත්‍යවහ්‍ය ඛනිජ අපනයන කර්මාන්තයේ උන්නතියට  සෘජුව බලපාන පහත සදහන් දෑ කෙරෙහි රජයේ වැඩ් අවධානය අපේක්ෂා කරන බවද වාණිජ මණ්ඩලය පවසයි.

• පතල් කැණීම් සහ අපනයන සඳහා විනිවිද පෙනෙන සහ ස්ථාවර ප්‍රතිපත්ති සහ රෙගුලාසි ස්ථාපිත කිරීම.

• අනුකූලතාව නිරීක්ෂණය කිරීම සහ දූෂිත භාවිතයන් හඳුනා ගැනීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සහ නිරන්තර විගණන සහිත ශක්තිමත් නියාමන රාමුවක් ක්‍රියාත්මක කරන ස්වාධීන අධීක්ෂණ ආයතන තිබීම.

• ඩිජිටල් තාක්ෂණයන් (උදා: බ්ලොක්චේන් තාක්‍ෂණය) භාවිතා කරමින් සහ එක් වහලක්/ස්ථානයක් /ප්‍ර වේශයක්   යටතේ (one-stop service)  මාර්ගගත වේදිකා භාවිතා කරමින් ඛනිජ අපනයනය සඳහා අවසර දීමේ සහ බලපත්‍ර ක්‍රියාවලිය සරල කිරීම සහ විධිමත් කිරීම.

• විනිවිදභාවය සහ වගවීම සඳහා රජය සතු ඛනිජ ව්‍යවසායන්හි රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කිරීම.

CME හි ආරම්භක විධායක කමිටුව පහත සදහන් නියෝජිතයින්ගෙන් සමන් විත වේ. අමිල ජයසිංහ මහතා – සභාපති / අධ්‍යක්ෂ Bogala Graphite Lanka PLC, AFM ෆාරුක් මහතා – උප සභාපති / අධ්‍යක්ෂ CeyQuartz MBI (Pvt) Ltd, ආචාර්ය සඳුන් දල්පතාදු මහතා – ලේකම් / අධ්‍යක්ෂ Damsila Resources (Pvt) Ltd., යාසීර් නිසාම්  මහතා – භාණ්ඩාගාරික / අධ්‍යක්ෂක Mirama Quartz Industries (Pvt) Ltd, ෆාහිම් නවුෆල් මහතා – අධ්‍යක්ෂක Alchemy Heavy Metals (Pvt) Ltd සහ උදේෂා බෝපිටිය මහත්මිය – අධ්‍යක්ෂක Lanmic Exports (Pvt) Ltd.

ව්‍යාපාර

මෙරට මත්ස්‍ය අස්වැන්න පාකිස්ථානයට අපනයනය කිරීම කෙරෙහි අවධානය

Published

on

By

මෙරට මත්ස්‍ය අස්වැන්න පාකිස්ථානයට ද අපනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් විශ්‍රාමික ෆහීම් උල් අසීස් මහතා සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්වීය.

ධීවර කර්මාන්තය තුළ ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම හා ශ්‍රී ලංකා රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ සූදානම සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා මෙහිදී කරුණු පැහැදිලි කලේය.

ශ්‍රී ලංකා පාකිස්ථාන නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.

මෙම ගිවිසුම හරහා පාකිස්ථානයට මත්ස්‍ය අපනයනය කළ හැකි බව මහකොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

Continue Reading

ව්‍යාපාර

‘ලංකා සතොස‘ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

Published

on

By

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබේ.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) දින සිට ලබාගත හැකි බව ලංකා සතොස නිවේදනය කර සිටියි.

Continue Reading

ව්‍යාපාර

කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය.

එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&ඵ් Sළ්20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය.

එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,597.16 ක් ලෙසත්, S&ඵ් Sළ්20 දර්ශකය ඒකක 94.71කින් ඉහළගොස් ඒකක 5,056.74 ක් ලෙසත් සටහන් විය.

රු. බිලියන 8.31 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved