Connect with us

පුවත්

ජපාන – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ප්‍රතිපත්ති සංවාදයක්

Published

on

අද (04) දින ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ සහකාර අමාත්‍ය /අධ්‍යක්ෂ ජනරාල් ඉෂිසුකි හිඩියෝ මහතා හා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සාකච්ඡා පැවැත්විණි.

නව රජය යටතේ පවත්වන ලද ප්‍රථම වරට ජපන්-ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ප්‍රතිපත්ති සංවාදය මෙයයි.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු ඉසොමත අකිඕ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (අන්තර්ජාලය හරහා), ජපන් තානාපති කාර්යාලය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) යන ආයතනවල නියෝජිතයින් ද එක්වූහ.

නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තීරණාත්මක හවුල්කරුවෙකු බව අධ්‍යක්ෂ ජනරාල් ඉෂිසුකි මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළ අතර, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ විශේෂයෙන් දූෂණයට එරෙහිව සටන් කිරීමට දරණ උත්සාහයන්ට සහාය වෙමින්, ශ්‍රී ලංකාව සමඟ සංවර්ධන සහයෝගීතාව දිගටම පවත්වා ගෙන යාම සදහා වූ තම අරමුණ පැහැදිලි කලේය.

ජපානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී විශ්වාසය නැවත ඇති කිරීම සඳහා දූෂණය තුරන් කිරීම සහ යහපාලනය පූර්ව අවශ්‍යතාවයක් බව තානාපති ඉසොමත මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේය.

රටේ තිරසාර සංවර්ධනය සඳහා ජපානය ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ශක්තිමත් කිරීමට මෙන්ම එහි සමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට දැනට ක්‍රියාත්මක යෙන් ණය ව්‍යාපෘති ඇතුළුව, ජපානයේ ශ්‍රී ලංකාව සමඟ අනාගත සංවර්ධන සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved