Connect with us

පුවත්

තෙල් මිල අඩුකරයි

Published

on

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු වීමට නියමිතය.

ඒ අනුව,  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් අඩු වී ඇති අතර, එහි නව මිල රු 340කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 135කින් අඩුවී ඇති අතර එහි නව මිල රු 375කි.

මේ අතර, රු 80කින් අඩු වූ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 325කි.

රු 45කින් අඩු වූ සුපර් ඩීසර් ලීටරයක නව මිල රු. 465කි.

තවද, භූමිතෙල් ලීටරයක් ද රු. 10කින් රු. 295ක් දක්වා අඩු කර ඇත.

පුවත්

හෙට ඇරඹෙන සංගණනය

Published

on

By

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබේ.

ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්‍රමාණයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබු අතර ඉන් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා තිබුණි.

කෙසේවෙතත් මේ වන විට ප්‍රතිලාභීන් දාහත්ලක්ෂ 20,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය  පවසයි.

මෙහිදී කාණ්ඩ 04ක් යටතේ ප්‍රතිලාභ මුදල් හිමිවන අතර අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 17,500ක මුදලක් ද, දුප්පත් යන කාණ්ඩය සදහා රුපියල් 10,000ක මුදලක් ද, අවදානම් සහ සංක්‍රාන්ති යන කාණ්ඩ දෙක සදහා රුපියල් 5000 බැගින් මාසිකව අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීම සිදුකෙරේ.

Continue Reading

පුවත්

ගජමුතු ජාවාරමක් හෙළිවේ

Published

on

By

ගජමුතු 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) පස්වරුවේ දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් මෙම ගජමුතු රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට විකිණීමට සුදානම් කර තිබී ඇත.

ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 05 ක් පමන වූ ගජමුතු 07 ක් සැකකරුවන් සන්තකයේ තිබී හමු වු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 33 වයස්වල පසුවන මාතලේ හා මහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

එජාප හා සජබ එක්වීමේ පළමු සාකච්ඡාව අද

Published

on

By

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිතය.

අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.

දෙපාර්ශවයේම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved