Connect with us

ව්‍යාපාර

දින 10ක් තුළ සහල් වැටලීම් 578ක්

Published

on

පසුගිය දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩා මහතා පැවසුවේ ඇතැම් ස්ථාන කිහිපයක වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ලද පැමිණිලි අනුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා වැටලීම් සිදුකළ බවය.

එමෙන්ම පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ සහල් ඌනතා මට්ටමක් පැවැතියද මේ වන විට එම ඌනතාව සඳහා පිළියම් යොදමින් පවතින බැවින් මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් සුලභතාවය ක්‍රමානුකූලව වැඩිවන බව නිරීක්ෂණය වී ඇතැයිද ඔහු පවසයි.

ඔහු පැවසුවේ, සහල් ආනයනය දීර්ඝ කර ඇති බැවින් උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ සහල් හිඟතාවයකින් තොරව සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවය.

මේ අතර, උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බවත් මේ අනුව තොග සහ සිල්ලර වෙළඳාම් සම්බන්ධවද වැටලීම් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

පුවත්

ADB සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි. 

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්, ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මගින් ක්‍රියාත්මක කරන වාණිජකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙම හමුවට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Motta) යන මහත්වරුන්ද සහභාගී වූහ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය , NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Continue Reading

ව්‍යාපාර

විද්‍යුත් යතුරුපැදි ආනයනයට යළි අවසර

Published

on

By

තාවකාලිකව අත්හිටුවා ඇති විද්‍යුත් යතුරු පැදි ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

මේ අනුව පෙට්‍රල්වලින් ධාවනය වන යතුරු පැදිවලට අමතරව විද්‍යුත් යතුරු පැදි ආනයනය සඳහාද අවස්ථාව සලසාදී තිබේ.

2025 ජනවාරි 31 දිනැති අංක 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ආනයන සඳහා අවසරය ලබාදී ඇත.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙතෙක් කාලයක් පැවැති තහනමක් රජය විසින් ඉවත් කර ඇත. මෙහිදී එච්.එස්. කාණ්ඩ හයක් යටතේ වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙහිදී අවසරය ලබාදී තිබේ.

මෙම තහනම ඉවත් කිරීම නිසා මෝටර් රථ එකලස් කිරීමේ දී පැවැති බාධා ඉවත් වන බවද රජය සඳහන් කරයි.

Continue Reading

ව්‍යාපාර

විදෙස් දේපොළ ආයෝජනය ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved