Connect with us

ව්‍යාපාර

පාන් මිල බස්සන්න බේකරි නිෂ්පාදකයින්ට සතියක්

Published

on

පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්ෂිතතා අමාත්‍ය – නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

රුපියල් 10කින් පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟ වී ඇති බැවින් එම සහනය පාරිභෝගිකයන්ට ලබාදීමට ඔවුන් කටයුතු කළ යුතු බවත්, එසේ සිදුනොවන්නේ නම් දිගින් දිගටම රජයට මැදිහත් වීමට සිදු වන බවත් ඔහු මෙහිදී පැවසීය.

වෙළඳපොල තුළ පාන් ගෙඩියක තිබිය යුතු වන ග්‍රෑම් 450 බර ප්‍රමාණය අනිවාර්යෙන් තිබිය යුතු බවත් එසේ නොකරන බේකරි නිෂ්පාදකයින් වැටලීම් කිරීමටත් පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ව්‍යාපාර

ලාෆ්ස් ගෑස් මිල වෙනසක්?

Published

on

By

මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සදහන් කළේ මාසික මිල සූත්‍රය අනුව මෙම තීරණය ගත් බවයි.

ගෑස් මිල ඉහළ යෑමේ හැකියාවක් ඇති බවට පැතිර ගිය ආරංචිත් සමග පසුගිය දින කිහිපය පුරාම දිවයින පුරා ගෑස් හිඟයක්ද පැවතුණි.

පාරිභෝගිකයන් චෝදනා කළේ මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවෙන් ගෑස් අලෙවිසැල් ගෑස් සඟවා ඇති බවය.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සළකුණ වන ගෑස් සිලින්ඩරයෙන් මැතිවරණයට පෙර ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවටද ඇතැම් පාර්ශව චෝදනා කරයි.

මන්ද ජනාධිපතිවරයා සහ මැතිවරණ ප්‍රචාරණයෙහි යෙදෙන පොහොට්ටුවෙන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට පැමිණි පිරිස ගෑස් පෝලිම් අවසන් කිරීම සහ ගෑස් ප්‍රශ්න විසදූ බවට දිගින් දිගටම ප්‍රචාරය කිරීම මීට හේතුවය.

Continue Reading

පුවත්

ඉන්ධන මිල අඩුවේ

Published

on

By

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

Continue Reading

ව්‍යාපාර

ලබන මාසයේ සිදුවන “ඇපල්” එළිදැක්වීම

Published

on

By

ලබන සැප්තැම්බර් 10 වන දින ඇපල් සමාගම එහි විශාලතම නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

එදිනට ඇපල් සමාගම නවතම ඉඵ්හොනෙ, ඇපල් අත් ඔරලෝසු සහ AirPods එළිදක්වන බවයි Bloomberg News වාර්තා කරයි.

සමාගම එම දිනය සඳහා සූදානම් වෙමින් සිටින අතර, නිශ්චිත වේලාව තවමත් ප්‍රකාශයට පත් කර නැතත්, ඉන් පසුව, මෑත වසරවල Apple හි සාමාන්‍ය ප්‍රවේශයට අනුකූලව, සැප්තැම්බර් 20 වන දින එම නව Apple දුරකථන පාරිභෝගිකයාට ලබා ගත හැකිය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved