පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාස හයක් තුළ වෙළෙඳසල් 12,329කට නඩු පවරා ඇති බව එම අධිකාරියේ වැටලීම් අංශ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා මව්බිම පුවත්පතට පවසා තිබේ.
වැටලීම් අංශ නිලධාරීන් මේ වසරේ ජනවාරි 1 සිට ජූනි 30 දක්වා මෙම වැටලීම් සිදු කර නඩු පවරා ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන කර ඇත.
සුපිරි වෙළෙඳසල් 446ක් ඒ අතර තිබෙන බවත් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙළෙඳාම, වැඩි මිලට සහල් අලෙවි කිරීම, භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම යන කරුණු මත ඒවාට නඩු පවරා ඇති බවත් ඉරසිංහ මහතා අවධාරණය කලේය.
මෙලෙස වෙළෙඳසල්වලට නඩු පැවරීම් මගින් රුපියල් දසකෝටි තිස් අට ලක්ෂ පනස් පන් දාහක් (103,855,000/=) දඩ මුදල් වශයෙන් අය කර ඇති බව අධ්‍යක්ෂවරයා පවසා තිබේ.
මෙම වසර අවසානය වන විට 34,000ක වැටලීම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ඉරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.