Connect with us

ව්‍යාපාර

මහ බැංකුව පොලී අනුපාත ගැන තීරණයක් ගනී

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

පුවත්

පොල්තෙල් මිල වැඩි කිරීම කූඨ ක්‍රියාවක්

Published

on

By

වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ, ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බවය.

මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන්ය.

මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් පොල්තෙල් රටතුළ පවතින බැවින් පොල්තෙල් මිල ඉහළ දැමීම කිසිලෙසකින් අනුමත කළ නොහැකි බව මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළේ පොල්තෙල් මිල පාලනය කිරීම සඳහා නව නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්:
https://sinhala.srilankamirror.com/biz/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%a7/

Continue Reading

පුවත්

WhatsApp වෙනසකට සූදානම් වේ

Published

on

By

WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එම සමාගම අත්හදා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

WEBetaInfo සඳහන් කළේ, එහි මූලික පියවර ලෙස භාෂා පහක් ඇතුළත් කර ඇති බවය.

ඉංග්‍රීසි, රුසියන්, ස්පාඤ්ඤ, පෘතුගාල (බ්‍රසීල) සහ හින්දි භාෂා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත බව බව සඳහන් වේ.

අන්ඩ්‍රොයිඩ් 2.24.13.8 ඉහළ යාවත්කාලීන කිරීම් සඳහා මෙම අවස්ථාව හිමි වනු ඇත.

එමෙන් ම මෙටා සමාගම විසින් ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් සඳහා නවතම විශේෂාංග තුනක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු සඳහන්ය.

තිරය හුවමාරු කිරීම් (screen-sharing), ඇමතුමක් සඳහා සහභාගී වන ප්‍රමාණය වැඩි කිරීම් සහ අමතන්නා සුවිශේෂි කිරීම් (speaker spotlight) ඒ අතර වන බව සඳහන් වේ..

Continue Reading

පුවත්

පොල්තෙල් මිල ඉහළට

Published

on

By

පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved