Connect with us

ව්‍යාපාර

මහ බැංකුව පොලී අනුපාත ස්ථාවර කරයි

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)සියයට 11.00ක් ලෙසද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12.00ක් ලෙසද ස්ථාවර කොට තිබේ.

එමෙන්ම උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීමට ද තීරණය කර ඇත.

තවද තාවකාලික අයිරා (TOD) මත වාර්ෂිකව 23%ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

ව්‍යාපාර

රටින් ගෙනා සහල් ගැන හෙළිදරව්වක්

Published

on

By

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙම තොගය අතර කැකුළු සහල් ටොන් 66,000ක් හා තැම්බූ සහල් ටොන් 101,000ක් පවතියි.

එමෙන්ම මෙරටට ආනයනය කර තවමත් නිෂ්කාශනය කිරීමට නොහැකි වූ සහල් මෙට්‍රක් ටොන් 8,000ක ප්‍රමාණයක් පවතින බවද රේගුව සඳහන් කළේය.

එම සහල් නිෂ්කාශනය කිරීම සඳහා රජය විසින් සහල් ආනයනය කිරීමේ කාලසීමාව දීර්ඝ කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇත.

මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි.

Continue Reading

ව්‍යාපාර

වසර 5කට පසු ව්‍යාපාර විශ්වසනීය දර්ශකය ඉහළම අගය වාර්තා කරයි

Published

on

By

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රටේ ආර්ථික අනාගතය පිළිබදව දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇති බව මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD ජනවාරි කලාපය සඳහන් කරයි.

LMD ජනවාරි කලාපයේ සදහන් වන ආකාරයට ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ව්‍යාපාර විශ්වසනීය දර්ශකය Business Confidence Index (BCI) ඒකක 174 දක්වා ඉහළ ගොස් ඇත. එය නොවැම්බර් මාසයේ දී පැවති ඇත්තේ ඒකක 154 ක් ලෙසය.

අදාළ දර්ශකය ජනවාරි මාසයේ වාර්තා කළ එම ඉහළම අගයට ළඟා වී ඇත්තේ වසර පහකට පසුවය.

Continue Reading

ව්‍යාපාර

අමු මිරිස් කිලෝව රුපියල් 1000ක්

Published

on

By

වෙළඳපොළේ අමු මිරිස් කිලෝ එකක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ පවසති.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 750 – 850ත් අතර වන බව සඳහන්ය.

ඒ අනුව, නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් ඊයේ (08) රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මේ අතර රටපුරා එළවළු සිල්ලර වෙළඳසැල් බොහොමයක අමුමිරිස් ග්‍රෑම් සීයයක් රුපියල් 120ත් -150ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට අමු මිරිස් කිලෝ එකක් ගන්නා විට රුපියල් 1200-1500ත් අතර මිලක් ගෙවීමට සිදුවෙන බව පාරිභෝගිකයන් පවසති.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved