පිරමීඩ ජාවාරමක් බවට මහ බැංකුව නම් කර ඇති මෙරට ලියාපදිංචි Onmax DT යන නමෙන්ම ඔස්ට්‍රේලියාවේ සමාගමක් ඇති බව එහි මුදල් ආයෝජනය කළ ප්‍රසේලි සුරාජ් හා මයුර දිල්ෂාන් යන දෙදෙනා truth with chamuditha යූටියුබ් නාලිකාවට පවසා තිබේ.
ඒ ඔවුන් මෙසේ කියා සිටින්නේ පිරමීඩාකාර යෝජනා ක්‍රමවල මුදල් ආයෝජනය කිරීම 1988 අංක 30 දරණ බැංකු පනතට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බවට මහ බැංකුව නිවේදනය කර තිබියදීය.
මේ අතර, මහ බැංකු විමර්ශනයකින් පසුව පිරමීඩ සමාගමක් බවට නිවේදන නිකුත් කර ඇති ලංකාවේ ලියාපදිංචි Onmax DT පුද්ගලික සමාගම ද පිරමීඩ ජාවාරමේ නියුතු සමාගමක් නොවන බව ප්‍රසේලි සුරාජ් හා මයුර දිල්ෂාන් යන දෙදෙනාම කියා සිටී.
ඔවුන් මෙසේ කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදීය.
එසේම අදාළ නඩු විභාගයේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (Binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ලබාදී ඇති නියෝගය ද අභියෝගයට ලක්කරමිනි.
මේ අතර, මෙරට පිහිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිවු දෙනකු වන සම්පත් සඳරුවන්, කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ගයාන් යන අයවලුන් ද ඇතුළත් වන අතර, එම පුද්ගලයන් සිවු දෙනා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කර තිබේ.
ලංකාවේ ලියාපදිංචි Onmax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස හදුනාගත් පුද්ගලයන් ඔස්ට්‍රේලියානු සමාගම ලංකාවට හදුන්වා දුන් අය බව කියන ඔවුන් අදාළ සමාගම දේපල වෙළදාම් සමාගමක් ලෙසත් හදුන්වනු ලබයි.
මයුර දිල්ෂාන් නැමැත්තා මහ බැංකුව විසින් පිරමීඩාකාර ජාවාරමක් බවට නම් කළ තවත් සමාගමක් වන බෙස්ට් ලයිෆ් හි ද ක්‍රියාකාරියෙකි.
එසේම ඔවුන් පෙන්වා දෙන්නේ Onmax DT තහනම් කර ඇත්තේ මහ බැංකුව කිසිදු සොයා බැලීමකින් තොරව බවයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක්
Onmax DT ඔස්ට්‍රේලියානු සමාගම තවමත් සිය ව්‍යාපාර කටයුතු කරන බව ද ඔවුන් වැඩිදුරටත් පවසයි.
ඔවුන් මෙසේ නීතිය අභියෝගයට ලක් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ද කර තිබියදීය.
Onmax DT ආයතනයද අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීම් කළ ආයතනවලින් එකකි.
සබැදි පුවත්
ඇමරිකානු මූල්‍ය සමාගමක ගිනුම් 8ක් තහනම් කරන්න උසාවි නියෝගයක්