Connect with us

ව්‍යාපාර

‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම ගැන මහබැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයන් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ,
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුය  

අදාල සම්පුර්ණ නිවේදනය

පුවත්

ශ්‍රී ලංකන් සමාගමේ අක්‍රමිකතා හොයන්න කමිටුවක් 

Published

on

By

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර ඊට අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත්විණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළගා කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඒ අනුව මුල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ආයතනයක් ලෙස ගොඩනැංවීමට එහි සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා කැපවීම ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

සාමූහික මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟිය නොහැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන හිමි නොවන පසුබිමක, ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

දේශපාලන අධිකාරිය ලෙස මෙරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කළයුතු සියලු කැපකිරීම් සිදු කරන බවත්, එලෙසම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟීම එහි සියලු කාර්‍යමණ්ඩලයේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවර අයවැයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රු. බි. 20ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙය මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බැවින් එම සියලු මුදල් ඵලදායීව යෙදවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රජයේ හිමිකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරමේ රජයේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිතිවල පූර්ණ සහාය ලබා දෙන බවත්, එය තමන්ගේද මූලික අභිප්‍රාය බවත් මෙයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපතිවරයා ඉදිරියේ සහතික වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගණේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකන් ගුවන් නියමු සංසදය, ගුවන් සේවක සංගමය, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකන් ගුවන් සේවා ගුවන්යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය, ගුවන්යානා ඉංජිනේරු සංසදය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා විධායක සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ව්‍යාපාර

පොල් අස්වැන්න ඉහළ යයි…

Published

on

By

පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා සඳහන් කළේ, ගිය වසරේ පොල්ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී ඇති බවය.

ඒ අනුව මෙම වසරේ පොල්ගෙඩි මිලියන 555ක අස්වැන්නක් අපේක්ෂා කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පොල් ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශවල  පොල් ගෙඩියක මිල රුපියල් 163ක පමණ මිලකට ස්ථාවර වී ඇති බවය.

Continue Reading

ව්‍යාපාර

ලුණු හිඟය අවසන්. ආනයනික ලුණු ලබන සතියේ මෙරටට

Published

on

By

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පවසයි

ඒ අනුව දැනට පවතින ලුණු හිගය අවසන්ව ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙන් මිලදී ගත හැකි බව ඒ මහතා සඳහන් කළේය.

ජාතික ලුණු සමාගම මඟින් ඇණවුම් කළ ලුණු තොගයෙන් කොටසක් තම සමාගම මිලදී ගෙන ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සදහන් කළ සභාපති නන්දන තිලක මහතා ලංකා ලුණු සමාගමද මෙට්‍රික් ටොන් 10,000 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයිද පැවසීය.

පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් හම්බන්තොට ඇතුළු අනෙකුත් ලුණු ලේවායන්වල ලුණු අස්වැන්න නොලැබුණු බවත් පැවසු ඒ මහතා ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගය ලැබුණු පසු ලබන සතියේ සිට ලුණු ලක්ෂ දෙක බැගින් වෙළඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ඊයේ  (14) ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කල බව පැවසූ සභාපති ඩි.නන්දන තිලක මහතා අදත් (15) ලුණු පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved