Connect with us

ව්‍යාපාර

මෙරට පළමු අහස් පාලම සහිත හෝටලය විවෘත කෙරේ (ඡායා)

Published

on

‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කරන ලදී.

මෙම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් ය. 

එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි.

මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වන අතර, එහි හෝටල් කාමර 350ක් පවතී.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව ලෙස සැලකේ.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බවයි.
කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය :

ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ  අසල පිහිටා තිබෙනවා. ඒවගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලයද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලයද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා.

මේ වන විට කොළඹ සංචාරක නගරයක් බවට පත් වී තිබෙනවා. තරු පංතියේ හෝටල්  නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි.  කඩා වැටුණ ආර්ථිකය ගොඩනැංවීමටද  එය මහත් රුකුලක් වනු ඇතියි. සංචාරක ව්‍යාපාරය මගින් ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි . ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම්. ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි.එවිට ජනතාවගේ ජීවන ත්ත්වයද උසස් කළ හැකියි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප  සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ව්‍යාපාර

ඉන්දියාවේ ගූගල් ෆෝන් හා ඩ්‍රෝන් හදන්න යයි

Published

on

By

ගූගල් සමාගම විසින් සිය පික්සල් ස්මාර්ට්ෆෝන් උපාංග ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා සිටින බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

මේ සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ දැනටත් පවතින ෆොක්ස්කොන් කර්මාන්ත ශාලාව යොදාගැනීමට නියමිත බව එහි දැක්වේ.

මීට අමතරව, ගූගල් සමාගම විසින් ස්වාධීනව තමිල්නාඩුවේ ඩ්‍රෝන නිෂ්පාදනය කිරීමට ද නියමිත බව බීබීසීය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

ව්‍යාපාර

ලබන මාසයේ මාළු මිල ඉහල යන ලකුණු

Published

on

By

ලබන මාසය වන විට මාලු මිල ඉහළ යනු ඇති බව පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ධීවරයින් මුහුදු නොයෑම නිසා මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලු ම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීමට අවසර ලබා නොදෙන බව ඊයේ (22) දිනයේ රජය විසින් දැනුම් දීමක් නිකුත් කරන ලදී.

Continue Reading

පුවත්

වෙසක් වෙනුවෙන් බඩු මිල පහලට

Published

on

By

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved