Connect with us

පුවත්

ලංකාවේ සුළංබල ව්‍යාපෘති අවලංගු කර නැහැ – අදානි සමූහය

Published

on

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා සාවද්‍ය හා නොමග යවන සුළු බව එම සමූහය පවසයි.

මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙකු පවසන්නේ මෙම ව්‍යාපෘතිය අවලංගු කර නැති බව අවධාරණය කර සිටින බවයි.

2025 ජනවාරි 02දා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියනයක ආයෝජනයක් වෙනුවෙන් තවදුරටත් කැපවී සිටින බව අදානි සමූහය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ නව රජය විසින් මෙම ව්‍යාපෘති අවලංගු කර ඇති බව මීට කලින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබුණි.

පුනරින් හා මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව පැවති මෙම සුළං බල ව්‍යාපෘති වලින් විදුලිය කිලෝවොට් පැයක විදුලිය ඇමෙරිකානු ඩොලර් 0.0826කට මිලදී ගැනීමට පසුගිය 2024 මැයි මාසයේදී ශ්‍රී ලංකා බලධාරීන් එකගත්වය පළ කර තිබුණද, වඩාත් කුඩා පුනර්ජනනීය ව්‍යාපෘති විසින් ඊට වඩා අඩු මිලට දැනටමත් විදුලිය ලබාදෙන බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වී තිබුණු බව එම පුවතේ පෙන්වා දී තිබුණි.

ඊට අමතරව, මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් පරිසරවේදීන් ද ගැටළු රැසක් ඉදිරිපත් කර තිබුණි.

පුවත්

කිළිනොච්චි රෝහල් එක්ස් කිරණ කාමරේ ගිනිගනියි, ගිනිනිවන බඩු කල් පැනලා ගින්න නිවන්න කල් යයි!

Published

on

By

කිළිනොච්චිය රෝහලේ එක්ස් කිරණ කාමරය තුළ ඊයේ (15) හදිසියේම ගිනි ගැනීම නිසා එහි තිබූ උපකරණ රැසක් ගින්නට හසු වී විනාශ වී ගොස් තිබේ.

මේ අවස්ථාවේදී රෝහලේ සවිකොට තිබූ ගිනි නිවන උපකරණ සියල්ලම භාවිත කිරීමට රෝහල් සේවකයින් පියවර ගෙන ඇති නමුත් ඒවා යල්පැන ගිය ගිනි නිවන උපකරණ නිසා ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බව පැවසේ.

කිළිනොච්චිය රෝහල තුළම වෙනත් ව්‍යාපෘතියක් යටතේ ඉදි කොට තිබූ ගොඩනැගිල්ලක සවි කොට තිබූ ගිනි නිවන උපකරණ කීපයක් ගලවා ගෙන පැමිණි සේවකයින් විසින් දැඩි වෙහෙසක් දරා ගින්න පාලනය කර ගැනීම නිසා ඉතා වටිනා භාණ්ඩ හා උපකරණ අසුරා තිබූ එක්ස්‍ කිරණ කාමරයට ගින්න පැතිර යාම වළක්වා ගැනීමට හැකි වී තිබේ.

කෙසේවෙතත් මෙම ගින්න හේතුවෙන් විනාශ වී ගිය බොහෝ උපකරණ යළි භාවිතයට ගැනීමට නොහැකි වීම නිසා රුපියල් ලක්ෂ 25 ක පමණ අලාභයක් කිළිනොච්චිය රෝහලට සිදුව ඇත.

මෙම ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කිළිනොච්චිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන අතරතුර කිළිනොච්චිය රෝහල මගින්ද මෙම ගින්න සම්බන්ධයෙන් අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

කෙසේවෙතත් කිළිනොච්චිය රෝහලේ සවිකොට ඇති සියලුම ගිනි නිවන උපකරණ කල් ඉකුත් වී වසර කීපයක්ම ගත වී ඇති බව රෝහල කළ පරීක්ෂණ වලින් දැනට හෙළි වී තිබේ.

Continue Reading

පුවත්

ගොවීන්ගෙන් ආණ්ඩුවට වී කිලෝ 700යි 

Published

on

By

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ඉකුත් සතියේ දී ගොවීන් අලෙවි කර ඇත්තේ කිලොග්‍රෑම් 700 ක වී තොගයක් පමණක් බව වාර්තා වේ. 

අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩාවකට මෙම වී තොගය ලැබී තිබේ.

රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 06 වැනිදා සිටය. 

කෙසේවුවද, පෞද්ගලික අංශය වේලන ලද නාඩු, සම්බා වී කිලෝවක් රුපියල් 120 ත් 130 ත් අතර මිලකට මිලදී ගන්නා බව ගොවීන් කියා සිටිති. 

වී තොග රැස්කරන්නන් රැසක් කුඹුරටම ගොස් වී මිලදී ගෙන මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට අලෙවි කරන බවද පැවසේ.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව තවමත් වෙළෙඳ පොළේ සහල් අලෙවි කෙරෙන්නේ රජයේ පාලන මිල ඉක්මවා බවද පැවසේ. 

ඇතැම් ගොවීන් වී තොග අලෙවි නොකර, වී මිල තවත් වැඩිවනතුරු සිය නිවෙස්වල ගබඩා කරගෙන සිටින බව ද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

නවදිල්ලි දුම්රියපලේ තෙරපී 18ක් මරු දකියි!

Published

on

By

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved