Connect with us

ව්‍යාපාර

වාහන ගෙන්වීමේදී ඩොලර්වලින් බදු ගෙවන්න යෝජනාවක්

Published

on

මෙරටට වාහන ගෙන්වීමේදී එවා සදහා බදු ගෙවීම ඩොලර්වලින් සිදු කිරීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රටේ වෙසෙන සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය වසර 05 තුළ විදෙස් රටවලින් වාහනයක් ගෙන්වා ඇති බව ඔහු පවසයි.

ඒ අනුව 2015 – 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714ක් බවත් ඒවායින් 75%ක් පමණ ගෙන ඇත්තේ බැංකු ණය මත බවත් ඔහු පෙන්වා දෙයි.

ව්‍යාපාර

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

Published

on

By

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

Continue Reading

ව්‍යාපාර

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන්

Published

on

By

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබේ.

ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 238ත් 274 අතරත්, පරිප්පු රුපියල් 270 ත් 320 අතරත්, ආනයනික අර්තාපල් රුපියල් 180 ත් 234 අතර  මිල සටහන් වන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

තවද, සුදු බිත්තරයක් රුපියල් 20ත් 34 අතරත්, දුඹුරු බිත්තරයක් රුපියල් 30 ත් 36 අතරත් මිල සටහන් වේ.

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන් නිකුත් කළ නව මිල පරාසයන් පහතින්

Continue Reading

ව්‍යාපාර

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

Published

on

By

මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ, ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවය.

මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකිවූ බව එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අනුව 2024 ඔක්තෝබර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) මෙසේය :

කිලෝග්‍රෑම් 12.5 – රු. 3,690

කිලෝගෑස් 5 – රු. 1,482

කිලෝග්‍රෑම් 2.3 – රු. 694කි

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved