Connect with us

ව්‍යාපාර

විද්‍යුත් යතුරුපැදි ආනයනයට යළි අවසර

Published

on

තාවකාලිකව අත්හිටුවා ඇති විද්‍යුත් යතුරු පැදි ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

මේ අනුව පෙට්‍රල්වලින් ධාවනය වන යතුරු පැදිවලට අමතරව විද්‍යුත් යතුරු පැදි ආනයනය සඳහාද අවස්ථාව සලසාදී තිබේ.

2025 ජනවාරි 31 දිනැති අංක 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ආනයන සඳහා අවසරය ලබාදී ඇත.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙතෙක් කාලයක් පැවැති තහනමක් රජය විසින් ඉවත් කර ඇත. මෙහිදී එච්.එස්. කාණ්ඩ හයක් යටතේ වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙහිදී අවසරය ලබාදී තිබේ.

මෙම තහනම ඉවත් කිරීම නිසා මෝටර් රථ එකලස් කිරීමේ දී පැවැති බාධා ඉවත් වන බවද රජය සඳහන් කරයි.

ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ඉස්සන් ප්‍රති­අ­ප­න­ය­න­යට නව සම්මත මෙහෙ­යුම් පටි­පා­ටි­යක්

Published

on

By

ශ්‍රී ලංකාවේ ඉස්සන් අප­න­යන කර්මා­න්තය මුහුණ දුන් අභි­යෝග රැස­කට විස­ඳුම් ලබා දෙමින්, ඉස්සන් ප්‍රති­අ­ප­න­ය­නය සඳහා නව සහ විස්තීර්ණ සම්මත මෙහෙ­යුම් පටි­පා­ටි­යක් (Standard Operating Procedure – SOP) ධීවර, ජලජ හා සාගර සම්පත් අමා­ත්‍යාං­ශය විසින් හඳුන්වා දී ඇත.

දේශීය ආර්ථි­ක­යට විශාල විදේශ විනි­මය ප්‍රමා­ණ­යක් උපයා දෙන ඉස්සන් අප­න­යන අංශය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම මේ වැඩ­පි­ළි­වෙළේ අර­මුණු වේ.

එමෙන්ම මේ නව සම්මත මෙහෙ­යුම් පටි­පා­ටිය තුළින් ක්ෂේත්‍රයේ පැවති සියලු අන්‍යෝන්‍ය බිය සහ ගැටලු නිරා­ක­ර­ණය කර, ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මා­න්ත­යට තිර­සර සහ දීප්ති­මත් අනා­ග­ත­යක් උදා­ක­රනු ඇතැයි අපේක්ෂා කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් (ධීවර සම්පත් කළ­ම­නා­ක­රණ) ධම්මික රණ­තුංග මහතා අව­ධා­ර­ණය කරයි.

නව සම්මත මෙහෙ­යුම් පටි­පා­ටි­යට අනුව ආන­යන සීමා පන­ව­මින් ප්‍රති­අ­ප­න­ය­නය සඳහා ආන­ය­නය කළ හැක්කේ අධි­ශීත කළ හිස රහිත ඉස්සන් පම­ණක් බව සඳ­හන්ය.

වාණිජ දෙපා­ර්ත­මේ­න්තුවේ නිර්දේශ ලබා­ගෙන, වෙළෙ­ඳා­මට ගැටලු හෝ සීමා­ස­හිත රට­ව­ලින් ඉස්සන් ආන­ය­නය කිරීම මෙම­ඟින් වළ­ක්වන අතර ජල­ජීවී වගා සංව­ර්ධන අධි­කා­රිය විසින් ඉස්සන් ගොවි­පොළ දත්ත සහ ඉදිරි මාස තුනක නිෂ්පා­දන තොර­තුරු ඇග­යී­මෙන් පසුව පම­ණක් ආන­යන නිර්දේශ ලබා දෙයි.

රෝග බෝවීමේ අව­දා­නම අවම කිරීම පිණිස ඉස්සන් ගෙන්වන රටෙන් අදාළ බල­ධා­රීන්ගේ සෞඛ්‍ය හා ප්‍රති­ජී­වක සහ­තික අනි­වාර්ය වේ. එමෙන්ම ආන­ය­නය කරන ලද ඉස්සන් තොග­යෙන් අවම වශ­යෙන් 25%ක අගය එකතු කිරී­මක් ශ්‍රී ලංකාවේ සිදු විය යුතු අතර, එම­ඟින් දේශීය රැකියා අවස්ථා සහ වටි­නා­කම ඉහළ යනු ඇත.

ප්‍රති අප­න­ය­නය කරන ඉස්සන් “වෙනත් රටක නිප­ද­වන ලද හා ශ්‍රී ලංකාවේ සක­සන ලද ඉස්සන්” (Other Origin Shrimp, Processed in Sri Lanka) ලෙස පැහැ­දි­ලිව සඳ­හන් කළ යුතු අතර, ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­න­යක් ලෙස ඉදි­රි­පත් කළ නොහැ­කිය. එමෙන්ම සැක­සුම් ක්‍රියා­ව­ලි­යේදී දේශීය ඉස්සන් සමඟ විදේ­ශීය ඉස්සන් මිශ්‍ර කිරීම සම්පූ­ර්ණ­යෙන් තහ­නම් වේ.

ගබ­ඩා­ක­රණ සහ ප්‍රති සැක­සුම් ස්ථාන දේශීය ඉස්සන් ගොවි­පළ ආශ්‍රි­තව පිහි­ටු­විය නොහැකි අතර අප­ජ­ලය සහ අප­ද්‍රව්‍ය මුදා­හැ­රී­මේදී මධ්‍යම පරි­සර අධි­කා­රියේ නිර්දේශ අනුව කට­යුතු කළ යුතුය.

ආන­ය­නය කරන ලද ඉස්සන් ප්‍රමා­ණ­යෙන් 75%ක් අනි­වා­ර්ය­යෙන්ම නැවත ප්‍රති­අ­ප­න­ය­නය කළ යුතු අතර මේ කොන්දේ­සිය සපු­රන සමා­ග­ම්ව­ලට පම­ණක් ඉදි­රි­යේදී නැවත ආන­යන අව­සර ලබා දීම නව පටි­පා­ටිය අනුව සිදු කෙරේ.

විදේශ වෙළෙ­ඳ­පොළේ ශ්‍රී ලංකාවේ ඉස්සන් සඳහා විශාල ඉල්ලු­මක් පැව­තුණ ද, මෑත­කදී දේශීය පරි­භෝ­ජ­නය ඉහළ යෑම (විශේ­ෂ­යෙන් සංචා­රක ව්‍යාපා­රයේ දියු­ණු­වත් සමඟ) සහ දේශීය නිෂ්පා­ද­නයේ යම් අඩු­වී­මක් වාර්තා විය. මේ තත්ත්වය හමුවේ අප­න­යන ඉල්ලුම පවත්වා ගැනීම සඳහා පසු­ගිය වසර කිහි­පය තුළ විදේ­ශීය ඉස්සන් ආන­ය­නය කර, අගය එකතු කර නැවත ප්‍රති­අ­ප­න­ය­නය කිරී­මට රජය විසින් අව­සර ලබා දී තිබිණි.

කෙසේ වෙතත් මේ ක්‍රියා­ව­ලිය දේශීය ඉස්සන් වගා­ක­රු­වන් අතර විවිධ ගැටලු සහ බිය ඇති කළේය. විදේ­ශීය ඉස්සන් දේශීය වෙළ­ඳ­පො­ළට එකතු වුව­හොත් තම ඉල්ලු­මට බල­පෑම් එල්ල වේය යන බිය මෙන්ම, රෝග බෝවීමේ අව­දා­නම සහ සම­හර රට­වල පව­තින අප­න­යන සීමා­වන් හේතු­වෙන් ශ්‍රී ලංකාවේ අප­න­යන වෙළ­ඳා­මට ගැටලු ඇති­විය හැකි බවට ද ඔවුන් අද­හස් පළ කළහ. තවද, විදේ­ශී­යව ගෙන්වන ලද ඉස්සන් “ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­න­යක්” ලෙස පිට­රට යැවීම සුදුසු නොවන බවට ද අද­හ­සක් විය.

මේ සියලු කරුණු සලකා බලා, අමා­ත්‍යාං­ශය විසින් විශේෂ කමි­ටු­වක් පත් කර, අදාළ රාජ්‍ය ආය­තන (ධීවර හා ජලජ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුව, නාරා ආය­ත­නය, ජල­ජීවී වගා සංව­ර්ධන අධි­කා­රිය, සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව, අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය, ආයෝ­ජන මණ්ඩ­ලය, වාණිජ දෙපා­ර්ත­මේ­න්තුව) මෙන්ම ජල­ජීවී වගා සන්ධා­නයේ සාමා­ජි­ක­යන් සහ අප­න­ය­න­ක­රු­වන් ඇතුළු පාර්ශ්ව­ක­රු­වන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් මේ නව සම්මත මෙහෙ­යුම් පටි­පා­ටිය සකස් කළ බව ද ධම්මික රණ­තුංග මහතා කියයි.

Continue Reading

පුවත්

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 6ක් මිලදී ගනී

Published

on

By

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබේ.

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සදහන් කළේ, ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ  අම්පාර දිස්ත්‍රික්කයෙන් බවය.

මීට අමතරව උතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වී තොග වී අලෙවි මණ්ඩලයට ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා වයඹ පළාතේ වී ගබඩාද මේ වනවිට විවෘත කර ඇති බව සභාපතිවරයා පැවසුවේය.

සහතික මිලක් නියම කරමින් පසුගියදා රජය තීරණය කළේ, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 132 කටත් මිලදී ගැනීමටයි

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 6 ක් වෙන් කර තිබේ.

Continue Reading

ව්‍යාපාර

මහ බැංකුවෙන් “පිරමීඩ විරෝධි සතියක්”

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමිඩ විරෝධි සතියක් සඳුදා (14) සිට ප්‍රකාශ කර ඇත. 

ජූලි 18 වැනිදා දක්වා මේ පිරමිඩ විරෝධී සතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ වන විට නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයන්හි විශාල වැඩිවීමක් සිදුව තිබීමත් ඒ හරහා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවත් දක්වමින් මෙලෙස පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

මේ වන විට පිරමිඩ යෝජනා ක්‍රම විවිධ ආකෘතිවලින් සමන්විතව පැමිණෙන බවත්, ඇතැම් පිරමිඩ යෝජනා ක්‍රම ගස් වැවීමේ යෝජනා ක්‍රම හෝ වෙනත් භාණ්ඩ ප්‍රවර්ධන මුවාවෙන් සිදු කරන බවත් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනිය පෙන්වා දුන්නාය.

පිරමිඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම පමණක් නොව, ඒ සඳහා මුදල් යෙදවීම පවා නීතියෙන් තහනම් කර ඇතැයි පැවසූ ඇය මේ තත්ත්වයන්ට නීතිය රකින පිරිස් පවා අසුව ඇති බවත්, එම නිසා මෙලෙසින් සමස්ත ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවත් අවධාරණය කළාය.

අවදානම් පිරමිඩ යෝජනා ක්‍රමයන් නිසා රටක සමස්ත ආර්ථිකයටම බලපෑම් එල්ල වන අතර, 90 දශකයේ ඇල්බේනියාවේ සමස්ත ආර්ථීකය කඩාවැටුණේ ද පිරමිඩ යෝජනා ක්‍රම හේතුවෙනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved