Connect with us

ව්‍යාපාර

විස්තාරා, කොළඹ – මුම්බායි ගුවන් ගමන් යලි අරඹයි

Published

on

කොළඹ හා මුම්බායි අතර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට විස්තාරා ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව සතියකට දින හතරක් කොළඹ හා මුම්බායි අතර එම ගුවන් සෙවය ගුවන් ගමන් ආරම්භ කරනු ඇත.

සඳුදා, බදාදා, සිකුරාදා හා ඉරිදා යන දිනයන්හි මෙම ගුවන් සේවය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ව්‍යාපාර

එළවළු මිල ඉහලට?

Published

on

By

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාබිම්වලට දැඩි හානි සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයට ගැළපෙන පරිදි ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළ පසුබිමක් තුළ මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇති බවය.

මේ හේතුවෙන් තවත් මාස එක හමාරකින් පමණ එළවලු සහ පළතුරුවල මිල ගණන් ඉහළ යා හැකි බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Continue Reading

ව්‍යාපාර

මහ බැංකුව පොලී අනුපාත ගැන තීරණයක් ගනී

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් වෙනුවෙන් සමාගම් 3ක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඉන් සමාගම් 2ක් විදේශීය සමාගම් වන අතර සෙසු සමාගම දේශීය සමාගමකි.

අමාත්‍යවරයා සඳහන් කලේ, ඉන් එක් සමාගමක් තෝරා ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බවය.

ඉදිරිපත්ව ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයෝජනය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය මාර්තු 05 වැනි දා අවසන් වූ අතර එය තවත් දින 45කින් දීර්ඝ කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළේ ය.

සමාගමට නව ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් පමණ වන ණය ප්‍රමාණය අඩු කිරීමේ අවශ්‍යතාවය ගනුදෙනුවට අදාළව උපදෙස් දෙන ලෝක බැංකුවේ ආයෝජන උපදේශන ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෙවත් ඓFC ආයතනය උපදෙස්දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved