Connect with us

ව්‍යාපාර

සතොස භාණ්ඩ 4 ක මිල තවත් අඩු කරයි

Published

on

අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.

වටානා පරිප්පු කිලෝවක මිල රුපියල් 10 කින් ද, රතු කැකුළු සහල් කිලෝවක සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 කින් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 4 කින් ද, අඩු කළ බවත් ඒ අනුව වටානා පරිප්පු කිලෝවක මිල රුපියල් 305 ක්, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 164 ක්, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 179 ක් සහ සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 180 ක් දක්වා පහළ ගිය බවත් සතොස පවසයි.

පුවත්

වාහන ආනයනයේදී ඇති නීතිරීති වෙනස් වේ

Published

on

By

සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ (19) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Continue Reading

ව්‍යාපාර

ලඟදීම වෙළඳපොලට එන “රජ ලුණු’

Published

on

By

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසයි.

ඒ, ලබන 29 වැනි දාට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත් කිරීමත් සමගය.

එම කර්මාන්ත ශාලාව මගින් ඉතා සහනදායි මිලට මේස ලුණු “රජ ලුණු” සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා සඳහන් කළේ ය. 

Continue Reading

පුවත්

රු. මිලියන 3.8 කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක වෙයි

Published

on

By

කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාසයේ කොළඹ 12 ප්‍ර දේශයේ පැවති වෙළෙඳසැලක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමු වී ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් එම වෙළෙඳසැලෙහි හිමිකරුට සහ කළමනාකරුට එරෙහිව පසුගිය මස 11 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයහි නඩු පවරා තිබේ.

ඒ අනුව, අදාළ නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් පෙබරවාරි මස 11 දින වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10,000.00 බැගින් රුපියල් 20,000.00 ක දඩ මුදලක් නියම කරන ලදී.

එහිදී එම වෙළෙඳසැලේ සඟවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3,000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබු අතර ඊයේ (18) අධිකරණය විසින් රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කළ අවස්ථාවක අදාළ වෙළෙන්ඳා වැරදිකරු වූවහොත් ඊට අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාවක් පවතී.

වෙළෙඳපොලේ සහල් වැඩි මිලට අලෙවිකිරීම සහ සඟවා තබාගැනීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සිදුකරන ලෙසත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved