Connect with us

ව්‍යාපාර

සහල් මිල ගැන නිවේදනයක්

Published

on

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

නිවේදනයේ සඳහන් වන්නේ, සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කර තිබේ ද යන්න සම්බන්ධව සිල්ලර වෙළෙඳුන් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීම් සිදුකරන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා නිකුත් කරඇති මිල ගණන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඇතැම් වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී බවද අධිකාරීය දැනුම් දී තිබේ.

ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක්, නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතු බව සඳහන් වේ.

එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව  එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

ඒ අනුව, මෙම වසරේ මාර්තු 12 වන දින දක්වා වෙළෙඳසැල් 5,500 කට වැඩි සංඛ්‍යාවක් විමර්ශන සිදුකර ඇති අතර එහිදී වැරදි කරන ලද වෙළෙඳුන් 4,070 ක් සඳහා නීතිමය පියවර ගෙන තිබේ.

එමෙන්ම එම වැරදි කරන ලද වෙළෙඳුන් අතරින් සහල් සම්බන්ධව වෙළෙඳුන් 1,555 කට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

සහල් වැඩි මිලට අලෙවිකළ වෙළෙඳුන් 462 ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 1,004 ක් මෙන්ම සහල් සඟවා තබන ලද සහ විකිණීම ප්‍රතික්ෂේප කරන ලද වෙළෙඳුන් 89 ක් ද ඒ අතර වේ.

මෙම වසරේ මාර්තු 12 දින දක්වා වෙළෙඳුන් 4,122 ක් සඳහා නඩු පැවරීම් සිදුකර ඇති අතර ඒ සඳහා අධිකරණ මගින් නියමකර ඇති දඩ මුදල රුපියල් මිලියන 61 කි.

ඊයේ (12) දිනයේදී ද දිවයින පුරා වෙළෙඳසැල් 139 ක සිදුකරන ලද විමර්ශන වලදී සහල් වැඩිමිලට අලෙවිකළ වත්තල, මතුගම, පාදුක්ක, පිටකොටුව සහ මාවනැල්ල ප්‍රදේශවල වෙළෙඳුන් 10 ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 24 ක්, සහල් සඟවා තබන ලද වෙ‍ෙළඳුන් ඇතුළු ව්‍යාපාරිකයන් 101 කට පමණ නීතිමය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කිරි සම්බා සහ සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

වාහන ණය ලබාදීම අද සිට වෙනස් වේ

Published

on

By

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ (17) දින නිකුත් කර තිබේ.

2018 පෙබරවාරි 08 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් 2025 ජූලි 17 දින නව මාර්ගෝපදේශයන් මෙලෙස මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අනුව 2018 වසරේ මාර්ගෝපදේශයන් හි දැක්වුණු ආකාරයේ ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හා වෙනත් යනාදී වශයෙන්, බලශක්ති ප්‍රභවය අනුව කර තිබූ වර්ගීකරණයන් මෙම නව 2025 මාර්ගෝපදේශයන් හි ඉවත් කර තිබේ.

ඒ අනුව 2018 මාර්ගෝපදේශයන් අනුව ඉලෙක්ට්‍රික් කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමින් 90% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව, වානිජ වාහන වෙනුවෙන් 80%ක්, මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 60%ක් දක්වා ද, ත්‍රීවීල් සඳහා 50% ක් දක්වා සහ වෙනත් වාහන සඳහා 70% ක් දක්වා අඩු කර ඇත.

එසේම ඉලෙක්ට්‍රික් නොවන වානිජ වාහන සඳහා ද මෙතෙක් ප්‍රවේශය හිමිව තිබූ 90% ක මූල්‍ය වහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 80% ක් දක්වා අඩුකර තිබෙන අතර, මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා තිබුණු 50% ණය සීමාව 60% ක් දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් රථ සඳහා, වටිනාකමින් 25% ක් දක්වා පමණක් මෙතෙක් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබුණු අවකාශය අද සිට 50% ක් දක්වා පුළුල් කර තිබේ.

මේ පිළිබඳ සටහනක් පහතින්,

2018 වසරේ මාර්ගෝපදේශයට අනුව හයිබ්‍රිඩ් මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 70%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට දී තිබූ අවස්ථාව, එම කාණ්ඩය ඉවත් කිරීමත් සමඟින් පොදුවේ 60% ක් දක්වා පහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන වෙනුවෙන් මෙම නියමයන් බලපැවැත්වෙනු ඇත.

කෙසේවෙතත් මහ බැංකුව පවසන්නේ අද (2025 ජූලි 18) දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන වෙනුවෙන් පහත දැක්වෙන ආකාරයෙන් සංක්‍රාන්ති විධිවිධානයන් බලපැවැත්වෙනු ඇති බවයි.

Continue Reading

ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ඉස්සන් ප්‍රති­අ­ප­න­ය­න­යට නව සම්මත මෙහෙ­යුම් පටි­පා­ටි­යක්

Published

on

By

ශ්‍රී ලංකාවේ ඉස්සන් අප­න­යන කර්මා­න්තය මුහුණ දුන් අභි­යෝග රැස­කට විස­ඳුම් ලබා දෙමින්, ඉස්සන් ප්‍රති­අ­ප­න­ය­නය සඳහා නව සහ විස්තීර්ණ සම්මත මෙහෙ­යුම් පටි­පා­ටි­යක් (Standard Operating Procedure – SOP) ධීවර, ජලජ හා සාගර සම්පත් අමා­ත්‍යාං­ශය විසින් හඳුන්වා දී ඇත.

දේශීය ආර්ථි­ක­යට විශාල විදේශ විනි­මය ප්‍රමා­ණ­යක් උපයා දෙන ඉස්සන් අප­න­යන අංශය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම මේ වැඩ­පි­ළි­වෙළේ අර­මුණු වේ.

එමෙන්ම මේ නව සම්මත මෙහෙ­යුම් පටි­පා­ටිය තුළින් ක්ෂේත්‍රයේ පැවති සියලු අන්‍යෝන්‍ය බිය සහ ගැටලු නිරා­ක­ර­ණය කර, ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මා­න්ත­යට තිර­සර සහ දීප්ති­මත් අනා­ග­ත­යක් උදා­ක­රනු ඇතැයි අපේක්ෂා කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් (ධීවර සම්පත් කළ­ම­නා­ක­රණ) ධම්මික රණ­තුංග මහතා අව­ධා­ර­ණය කරයි.

නව සම්මත මෙහෙ­යුම් පටි­පා­ටි­යට අනුව ආන­යන සීමා පන­ව­මින් ප්‍රති­අ­ප­න­ය­නය සඳහා ආන­ය­නය කළ හැක්කේ අධි­ශීත කළ හිස රහිත ඉස්සන් පම­ණක් බව සඳ­හන්ය.

වාණිජ දෙපා­ර්ත­මේ­න්තුවේ නිර්දේශ ලබා­ගෙන, වෙළෙ­ඳා­මට ගැටලු හෝ සීමා­ස­හිත රට­ව­ලින් ඉස්සන් ආන­ය­නය කිරීම මෙම­ඟින් වළ­ක්වන අතර ජල­ජීවී වගා සංව­ර්ධන අධි­කා­රිය විසින් ඉස්සන් ගොවි­පොළ දත්ත සහ ඉදිරි මාස තුනක නිෂ්පා­දන තොර­තුරු ඇග­යී­මෙන් පසුව පම­ණක් ආන­යන නිර්දේශ ලබා දෙයි.

රෝග බෝවීමේ අව­දා­නම අවම කිරීම පිණිස ඉස්සන් ගෙන්වන රටෙන් අදාළ බල­ධා­රීන්ගේ සෞඛ්‍ය හා ප්‍රති­ජී­වක සහ­තික අනි­වාර්ය වේ. එමෙන්ම ආන­ය­නය කරන ලද ඉස්සන් තොග­යෙන් අවම වශ­යෙන් 25%ක අගය එකතු කිරී­මක් ශ්‍රී ලංකාවේ සිදු විය යුතු අතර, එම­ඟින් දේශීය රැකියා අවස්ථා සහ වටි­නා­කම ඉහළ යනු ඇත.

ප්‍රති අප­න­ය­නය කරන ඉස්සන් “වෙනත් රටක නිප­ද­වන ලද හා ශ්‍රී ලංකාවේ සක­සන ලද ඉස්සන්” (Other Origin Shrimp, Processed in Sri Lanka) ලෙස පැහැ­දි­ලිව සඳ­හන් කළ යුතු අතර, ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­න­යක් ලෙස ඉදි­රි­පත් කළ නොහැ­කිය. එමෙන්ම සැක­සුම් ක්‍රියා­ව­ලි­යේදී දේශීය ඉස්සන් සමඟ විදේ­ශීය ඉස්සන් මිශ්‍ර කිරීම සම්පූ­ර්ණ­යෙන් තහ­නම් වේ.

ගබ­ඩා­ක­රණ සහ ප්‍රති සැක­සුම් ස්ථාන දේශීය ඉස්සන් ගොවි­පළ ආශ්‍රි­තව පිහි­ටු­විය නොහැකි අතර අප­ජ­ලය සහ අප­ද්‍රව්‍ය මුදා­හැ­රී­මේදී මධ්‍යම පරි­සර අධි­කා­රියේ නිර්දේශ අනුව කට­යුතු කළ යුතුය.

ආන­ය­නය කරන ලද ඉස්සන් ප්‍රමා­ණ­යෙන් 75%ක් අනි­වා­ර්ය­යෙන්ම නැවත ප්‍රති­අ­ප­න­ය­නය කළ යුතු අතර මේ කොන්දේ­සිය සපු­රන සමා­ග­ම්ව­ලට පම­ණක් ඉදි­රි­යේදී නැවත ආන­යන අව­සර ලබා දීම නව පටි­පා­ටිය අනුව සිදු කෙරේ.

විදේශ වෙළෙ­ඳ­පොළේ ශ්‍රී ලංකාවේ ඉස්සන් සඳහා විශාල ඉල්ලු­මක් පැව­තුණ ද, මෑත­කදී දේශීය පරි­භෝ­ජ­නය ඉහළ යෑම (විශේ­ෂ­යෙන් සංචා­රක ව්‍යාපා­රයේ දියු­ණු­වත් සමඟ) සහ දේශීය නිෂ්පා­ද­නයේ යම් අඩු­වී­මක් වාර්තා විය. මේ තත්ත්වය හමුවේ අප­න­යන ඉල්ලුම පවත්වා ගැනීම සඳහා පසු­ගිය වසර කිහි­පය තුළ විදේ­ශීය ඉස්සන් ආන­ය­නය කර, අගය එකතු කර නැවත ප්‍රති­අ­ප­න­ය­නය කිරී­මට රජය විසින් අව­සර ලබා දී තිබිණි.

කෙසේ වෙතත් මේ ක්‍රියා­ව­ලිය දේශීය ඉස්සන් වගා­ක­රු­වන් අතර විවිධ ගැටලු සහ බිය ඇති කළේය. විදේ­ශීය ඉස්සන් දේශීය වෙළ­ඳ­පො­ළට එකතු වුව­හොත් තම ඉල්ලු­මට බල­පෑම් එල්ල වේය යන බිය මෙන්ම, රෝග බෝවීමේ අව­දා­නම සහ සම­හර රට­වල පව­තින අප­න­යන සීමා­වන් හේතු­වෙන් ශ්‍රී ලංකාවේ අප­න­යන වෙළ­ඳා­මට ගැටලු ඇති­විය හැකි බවට ද ඔවුන් අද­හස් පළ කළහ. තවද, විදේ­ශී­යව ගෙන්වන ලද ඉස්සන් “ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­න­යක්” ලෙස පිට­රට යැවීම සුදුසු නොවන බවට ද අද­හ­සක් විය.

මේ සියලු කරුණු සලකා බලා, අමා­ත්‍යාං­ශය විසින් විශේෂ කමි­ටු­වක් පත් කර, අදාළ රාජ්‍ය ආය­තන (ධීවර හා ජලජ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුව, නාරා ආය­ත­නය, ජල­ජීවී වගා සංව­ර්ධන අධි­කා­රිය, සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව, අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය, ආයෝ­ජන මණ්ඩ­ලය, වාණිජ දෙපා­ර්ත­මේ­න්තුව) මෙන්ම ජල­ජීවී වගා සන්ධා­නයේ සාමා­ජි­ක­යන් සහ අප­න­ය­න­ක­රු­වන් ඇතුළු පාර්ශ්ව­ක­රු­වන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් මේ නව සම්මත මෙහෙ­යුම් පටි­පා­ටිය සකස් කළ බව ද ධම්මික රණ­තුංග මහතා කියයි.

Continue Reading

පුවත්

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 6ක් මිලදී ගනී

Published

on

By

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබේ.

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සදහන් කළේ, ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ  අම්පාර දිස්ත්‍රික්කයෙන් බවය.

මීට අමතරව උතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වී තොග වී අලෙවි මණ්ඩලයට ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා වයඹ පළාතේ වී ගබඩාද මේ වනවිට විවෘත කර ඇති බව සභාපතිවරයා පැවසුවේය.

සහතික මිලක් නියම කරමින් පසුගියදා රජය තීරණය කළේ, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 132 කටත් මිලදී ගැනීමටයි

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 6 ක් වෙන් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved