Connect with us

ව්‍යාපාර

සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි

Published

on

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර තිබේ.

සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති දෙසැම්බර් 31 දක්වා කාලය ප්‍රමාණවත් නොමැති හේතුවෙන් තමන්ට සහල් ගෙන්වීමට හැකි වනුයේ සුළු ප්‍රමාණයක් බවත් ආනයනකරුවන් පවසයි.

නාඩු, කැකුළු හා සම්බා සහල් මෙසේ ආනයන කරන බවද ආනයනකරුවන් වැඩිදුරටත් පැවසුවේය.

පුවත්

ලුණු ආනයනයට 117 දෙනෙක් සූදානම්

Published

on

By

ලුණු ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් 117 දෙනකු අයැදුම්කර තිබේ.

ඔවුන් මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 150,000 ක් පමණ ආනයනය කරනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙරට දෛනික ලුණු අවශ්‍යතාව කර්මාන්ත අංශය ඇතුළුව මෙට්‍රික් ටොන් 500 ක් වේ. මාසික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 15,000 කි.

පෞද්ගලික අංශය ආනයනය කරන ලුණු තොග පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීමක් සිදු කරන්නේය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද අයඩීනකරණය කරන ලද ලුණු තොග එරටින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තා මත පදනම්ව කඩිනමින් මුදාහැරීමට කටයුතු කරමින් සිටින බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී. බී. ආනන්ද ජයලාල් පැවැසීය. මුලින්ම නිදහස් කරනු ලබන්නේ අයඩීනකරණය කරන ලද ලුණු තොග බව ද ඔහු කීවේය.

අයඩීනකරණය කරන ලද සහ නොකරන ලද ලුණු ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය පසුගියදා අවසරය ලබාදුන්නද, අයඩීනකරණය නොකරන ලුණු ආනයනයට අදාළව මෙරට සෞඛ්‍ය අංශ මෙතෙක් අනුමැතිය ලබාදී නැතැයි පැවැසේ. අයඩීනකරණය නොකරන ලද ලුණු මෙරටට ආනයනය කර ඒවා අයඩීනකරණය කිරීමේ පහසුකම් ඔවුන්ට ඇත්දැයි සොයා බැලීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වසරේ මෙට්‍රික් ටොන් ලක්ෂයක ලුණු අස්වැන්නක් ලංකා ලුණු සමාගම අපේක්ෂා කළද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබාගත හැකි අස්වැන්න මෙට්‍රික් ටොන් 60,000 ක් බවට පුරෝකථනය කර ඇත. ඒ හේතුවෙන් ලබන ජුනි මස 10 වැනිදා දක්වා කාලය තුළදී ලුණු ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාව සලසා ඇත.

ජාතික ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 20,000 ක් ද, ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10,000 ක් ද ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

ව්‍යාපාර

ලුණු තොගය දිවයිනට එන්න දින කිහිපයක් ප්‍රමාද විය හැකියි (UPDATE)

Published

on

By

ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව ලුණු සමාගම සඳහන් කළේය.

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් මෙලෙස දිවයිනට පැමණීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට රැගෙන ඒම සිදුවනු ඇති බව  ජාතික ලුණු සමාගම සඳහන් කළේය.


(පෙර පුවත 2025 මැයි 22 ප.ව.1.00 )

ලබන සතියෙන් ලුණු හිඟය අවසන්

රජය විසින් ආනයනය කරන ලද ලුණු තොග අද (22)  පස්වරුව වන විට මෙරටට ළඟා වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික අංශය විසින් ආනයනය කරනු ලැබූ ලුණු තොග ඊයේ (21) මෙරටට ලැබුණු බවය.

ඒ අනුව එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලුණු මිලදී ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙලෙස  ආනයනය කරන ලුණු තොගය මෙට්‍රික් ටොන් 30000කි.

Continue Reading

ව්‍යාපාර

BOC හා NSB 2024 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි

Published

on

By

 ලංකා බැංකුවේ (BOC)  සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB)  2024 වාර්ෂික  වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් අදාළ වාර්තා  ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස ලංකා බැංකුව 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙහිදී සඳහන් කළේය. මෙම ලාභය බදු පැනවීමට පෙර ලබා ගත් ලාභය බව පෙන්වා දුන් සභාපතිවරයා ව්‍යාපාර සංවර්ධනය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ මූල්‍ය ආයතනයක් ලෙස ලංකා බැංකුව ප්‍රමුඛත්වය ගෙන තිබෙන බවද  පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සඳහන් කළේ, 2023 වසරේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලැබු රුපියල් බිලියන 4.2ක ලාභය 2024 වසර වන විට රුපියල් බිලියන 26.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවයි.

ජාතික ඉතිරි බැංකුවට මෙවන් සාර්ථකත්වයක් ලබා ගැනීමට රට තුළ පවතින ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය ඉවහල් වු බව පෙන්වා දුන් හර්ෂ කබ්රාල් මහතා, රාජ්‍ය ආයතන රජයට හෝ මහාභාණ්ඩාගාරයට බරක් නොවී විධිමත් කළමනාකරණයක් තුළින් ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවට මෙය කදිම නිදසුනක් බවද සඳහන් කළේය. 2025 වසරේදී මින් ඔබ්බට ගිය සාර්ථකත්වය ලබා ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය බැංකු දෙකක් ලෙස ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කෙටි කලක් තුළ ලබා ගෙන ඇති මෙම ජයග්‍රහණය ඇගයිමට ලක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපායමාර්ගික නායකත්වය, කැපවීම සහ විධිමත් කළමනාකරණය තුළින් රාජ්‍ය ආයතන මෙරට ආර්ථික වර්ධනයට ධනාත්මක ලෙස දායක කර ගත හැකි බවත්, මෙම බැංකු දෙක ලබා ඇති ප්‍රගතිය තුළින් එය මැනවින් පිළිබිඹු වන බවත් සඳහන් කළේය.

2025 වසරේදී ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව තම ඩිජිටල් යටිතල පහසුකම් හා පරිභෝගික සේවාවන් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවද මෙහිදී සභාපතිවරු වැඩිදුරටත් සඳහන් කළහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved