Connect with us

පුවත්

සෙලින්කෝ, අලියාන්ස් හා කෝපරේටිව් හි වංගු ගැන නියාමන කොමිසමෙන් නිවේදනයක්!

Published

on

මෙරට ප්‍රධානම රක්ෂණ සමාගම් තුනක් ඉලක්ක කරමින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

සෙලින්කෝ, අලියාන්ස් හා සමූපාකාර රක්ෂණ සමාගම් ඉලක්කකරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම සමාගම් විසින්  2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය වන පරිදි ගාස්තුවක් අය කරමින් පාස් කාඩ්පත්, කූපන් කාඩ්පත්, වට්ටම් කාඩ්පත් මහජනතාවට විකිණීමෙහි නිරතව සිටින බවට රක්ෂණ කොමිෂන් සභාවට තොරතුරු ලැබී තිබී ඇත.

එම කටයුතු අත්හිටුවන ලෙසට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අදාළ සමාගම් ලිඛිතව දැනුවත් කර තිබූ බවද මේ අතර වාර්තා වේ.

මෙම සමාගම් විසින් ඩිරෙක්ට් මාර්කටිං සමාගමක් හා ගිවිසුම්ගතව මෙම කටයුතු සිදුකර ඇති බවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට තොරතුරු ලැබී ඇති බවද පැවසේ.

එසේ අදාළ රක්ෂණ සමාගම් මේ සදහා යොදාගෙන ඇත්තේ The Granton Group of Companies නැමැති සමාගමක් බවද වාර්තා වේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සිය නිවේදනය මගින් පාස් කාඩ්පත්, කූපන් කාඩ්පත්, වට්ටම් කාඩ්පත් මිලදී ගැනීමෙන් වළකින ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

තවද, එවැනි පුද්ගලයන්ගේ තොරතුරු [email protected] මගින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

එසේම, රක්ෂණ ඔප්පු මිලදී ගත යුත්තේ ලියාපදිංචි රක්ෂණ සමාගම්වලින් හෝ ලියාපදිංචි රක්ෂණ තැරැව්කාර සමාගම්වලින් හෝ රක්ෂණ සමාගම්වල සහ / හෝ රක්ෂණ තැරැව්කාර සමාගම්වල බලයලත් රක්ෂණ නියෝජිතයන් හරහා පමණක් බවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව අවධාරණය කර ඇත.

ලියාපදිංචි රක්ෂණ සමාගම් සහ ලියාපදිංචි රක්ෂණ තැරැව්කාර සමාගම් ලැයිස්තුව රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි වෙබ් අඩවියෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ.

පහත ලිංක් එකෙන් එම සමාගම් ලයිස්තුවට පිවිසිය හැකිය.

www.ircsl.gov.lk

පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

Published

on

By

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය 

Published

on

By

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Continue Reading

ඡායාරූප සටහන

ලංකාවට ජපානයෙන් ගිනි නිවන රථ

Published

on

By

රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.

ජපන් තානාපති ගරු අකිඔ ඉසෝමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අද (20) දිනයේදී කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.

ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින් අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved