Connect with us

පුවත්

හෙට සිට සතොස කිරිපිටි මිල පහළට

Published

on

හෙට (21) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.31 කින් අඩු කර තිබේ.

ඒ අනුව “ලංකා සතොස” සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක නව මිල රු. 999 ක් වනු ඇති බව එම සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පුවත්

චීනයට නව කන්සියුලර් කාර්යාලයක්

Published

on

By

චීනයේ, වෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුුතු කරන බව රජය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජාවට ලක්වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

වෙන්දු ප්‍රාන්තයේ ප්‍රාන්ත ප්‍රධානියා අදාළ කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම සඳහා අවශ්‍ය ඉඩකඩ නොමිලේ ලබා දීමට එකඟතාවය පළ කර ඇති බව මෙහිදී ප්‍රකාශ විය.

ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ දී දෙපාර්ශවය අතර ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කරගැනීමට ගැඹුරු සාකච්ඡාවක නිරත වූ බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Continue Reading

පුවත්

ආගමන හා විගමන පාලකව අධිකරණයට රැගෙන එයි

Published

on

By

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ආගමන හා විගමන පාලකවරයා පසුගිය සැප්තැම්බර් මස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එම පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත වන අතර හර්ෂ ඉලුක්පිටිය මහතාව ඒ සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

කටුනායක නව මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Published

on

By

ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ.

වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බවයි.

නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමග 2028 වසර වනවිට කටුනායක ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව මිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved