Connect with us

පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි

Published

on

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වල මිල සංශෝධනයක් සිදුවේ.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්, ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් වල මිල අඩුවනු ඇති අතර, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් හා ලංකා සුපිරි ඩීසල් වල මිල ඉහළ දමා තිබේ.

පුවත්

ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට – ලේකම්ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින්  වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා විසින් අද (24) නිකුත් කරන ලදී.

පැමිණිලිකාර පාර්ශවය  වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කළේය.

පසුගිය 21 වැනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධූරයන් තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ එම ධුරයන් තෝරා පත් කර ගැනීමට රැස්කළ විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත් පැවසීය.

විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා මැයි 8 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග කළේය. 

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

අත්අඩංගුවට ගත් ෆොක්ස් හිල් ධාවකයින්ට ඇප

Published

on

By

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.

ඒ ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණි.

Continue Reading

පුවත්

දමිතාට හා සැමියාට ඇප

Published

on

By

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කලේය.

කොරියාවට වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 30ක් වංචාවක් සිදු කළේ යැයි චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved